ප්‍රමිතියෙන් තොර ගල් අඟුරු, බලාගාරයක් තුළ දහනය වීමෙන් බලාගාරයට මෙන්ම පරිසරයට හානියක් සිදුවන බව බලශක්ති විශේෂඥ, ආචාර්ය ඉංජිනේරු අර්ජුන පෙරේරා පවසනවා.
කෙසේ වෙතත් එලෙස සිදුවන හානිය කොපමණ ප්‍රමාණයකින් සහ කොපමණ මූල්‍ය තක්සේරුවකින් සිදුවේද යන්න පුරෝකථනය කිරීම වඩාත් අපහසු වන බවයි ඔහු පෙන්වා දෙන්නේ.
එමෙන්ම බලාගාරයෙන් විදුලිය ජනනය කර අවසන් වූ පසු පරිසරයට මුදාහැරෙන අපද්‍රව්‍ය ප්‍රමාණය පිළිබද සැලකු විට එය නිශ්චය කළ නොහැකි හානියක් බවත්, එමඟින් මිනිසුන්ගේ සෞඛ්‍යයට, වනජීවින් ඇතුළු පරිසර පද්ධතියට සිදුවන හානිය ගණනය කිරීමට අපහසු තරම් ප්‍රබල බවත්, ඔහු වැඩිදුරටත් සඳහන් කළා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1






