මෙරටට අලුතින් පත්ව පැමිණි තානාපතිවරු තිදෙනෙක් අද (24) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත සිය අක්තපත්‍ර භාර දුන්නා.
ඒ අනුව කොළඹ සිටින කියුබානු ජනරජයේ නව තානාපති ලෙස Patricia Lázara Pego Guerra, කොළඹ සිටින කටාර් රාජ්‍යයේ නව තානාපති ලෙස Hamad Mohammed Abdullah Al – Sanad Al – Dosari, නවදිල්ලියේ සිටින ස්ලොවේනියා ජනරජයේ තානාපති ලෙස Tomaž Mencin නුත් මෙලෙස සිය අක්තපත්‍ර භාර දීම සිදු කළා.
අක්තපත්‍ර පිළිගැනීමෙන් අනතුරුව ජනාධිපතිවරයා නව තානාපතිවරු සමඟ සුහද කතා බහක නිරත වුණා.
විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් සහ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායකද මේ අවස්ථාවට සහභාගි වුණා.
ජනාධිපති මාධ්‍ය අංශය
2026-02-24






