කැළණිවැලි මාර්ගයේ දුම්රිය හරස් මාර්ග අලුත්වැඩියාවක් හේතුවෙන් වාහන ගමනාගමනයට බාධා

කැළණිවැලි දුම්රිය මාර්ගයේ පුවක්පිටිය හා අවිස්සාවේල්ල අතර සැතපුම් 35 දම්වැල් 30 කිරිවන්දල ස්ථානය අසල හයිලෙවල් මාර්ගයේ දුම්රිය හරස් මාර්ගය අලුත්වැඩියා කටයුතු සිදුකිරීම සඳහා තාවකාලිකව වසා තබන බව ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

ඒ, අනුව අදාළ අලුත්වැඩියා කටයුතු මාර්තු 05 සිට මාර්තු 08 අතර කාලයේ සිදුකිරීමට නියමිත බවයි එම දෙපාර්තමේන්තුව පවසන්නේ.

එම දිනයන්වල දී පහත පරිදි මහා මාර්ගයේ වාහන ගමනාගමනය අර්ධ හා සම්පූර්ණ වශයෙන් වසා තැබෙනවා.

2026 මාර්තු 05 දින බ්‍රහස්පතින්දා පෙ.ව 8.30 සිට ප.ව 4.30 දක්වා අර්ධ වශයෙන්.

2026 මාර්තු 06 සිකුරාදා පෙ.ව 8.30 සිට ප.ව 4.30 දක්වා අර්ධ වශයෙන්.

2026 මාර්තු 07 සෙනසුරාදා පෙ.ව 8.30 සිට ප.ව 4.30 දක්වා අර්ධ වශයෙන් සහ පෙ.ව 9.00 සිට ප.ව 1.30 අතර කාලය තුල පැය භාගයක කාල පරිච්ඡේදයක් සඳහා සම්පූර්ණයෙන්.

2026 මාර්තු 08 ඉරිදා පෙ.ව 8.30 සිට ප.ව 4.30 දක්වා අර්ධ වශයෙන් සහ පෙ.ව 9.00 සිට ප.ව 1.30 අතර කාලය තුල පැය භාගයක කාල පරිච්ඡේදයක් සඳහා සම්පූර්ණයෙන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාවින්න බස් නැවතුමේදී රියදුරන් හා කොන්දොස්තරවරුන්ගේ අහඹු මත්ද්‍රව්‍ය පරීක්ෂාවක්
03:45
Video thumbnail
ඇමතිලා භාවිත කළ කොළඹ නිල නිවාසවලට මොකද වෙන්නේ? අමු කැලෑවෙලා තියෙන්නේ..ගේට්ටු කැඩිලා
02:02
Video thumbnail
සෙංකෝලය ගිල්ලත් නඩු අහන වේගය අඩුවෙන්නේ නෑ
02:46
Video thumbnail
යතුරුපැදියක් ලිස්සා ගිහින් බස් රථයක ගැටෙයි
00:32
Video thumbnail
යල කන්නයේ වී මිලදී ගැනීමේ සැලසුම් පිළිබඳ ජනපති ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාව
01:19
Video thumbnail
ඉන්ධන මිල අඩුවීම ගැන නලින්ද හෙළිකරයි - සහනය ඉවත් කළොත් මිල තව ඉහළ යනවා
02:43
Video thumbnail
පාස්කුවේ ප්‍රහාරයේ ප්‍රතිලාභියා කාදිනල් හිමිද ? කිසිම පූජකයෙක් මැ#ණේ නෑ..ඒක සැකයි
02:22
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.23
08:07:32
Video thumbnail
ත්‍රස්තවාදී පනතෙන් ආණ්ඩුවත් වැඩ ගන්නවද ?නලින්ද සියල්ල හෙළිකරයි - දික්කසාද නඩුවක් වගේද මේක පේන්නේ ?
05:34
Video thumbnail
සලේටයි බිරිඳටයි නලින්ද කට උත්තර නැතිවෙන්න කිව්ව කතාව - මහත්තයාට කන්න කියන්න..පූජා තියලා හරියන්නේ නෑ
04:32