ස්ථානාධිපති බැණ වැදුණු බව කියා කොස්තාපල් රැකියාව දමා ගෙදර ගිහින්

ස්ථානාධිපතිවරයා බැණ වැදුණු බව සඳහන් කර සටහනක් තබා කොස්තාපල්වරායෙන් රැකියාව අතහැර ගෙදර ගිය පුවතක් අලුත්ගම පොලිසියෙන් වාර්තා වනවා.

අදාළ පොලිස් කොස්තාපල්වරයා දෛනික සටහන් පොතේ සටහනක් තබා මෙලෙස රැකියාවෙන් ඉවත්ව ගොස් ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

එම පොලිස් නිලධාරියා රෝගී තත්ත්වයක් හේතුවෙන් අසනීප නිවාඩු වාර්තාකර නිවසට ගොස් ඇති අතර, යළි රාජකාරිය සඳහා පොලිස් ස්ථානයට පැමිණි පසු නිවාඩු ලබාගැනීම සම්බන්ධයෙන් වෛද්‍ය වාර්තාවක් ඉදිරිපත් කර තිබෙනවා.

මෙලෙස ඉදිරිපත් කළ වෛද්‍ය වාර්තාවේ පැන නැගී ඇති ගැටළුවක් හේතුවෙන් ස්ථානාධිපතිවරයා ඔහුට බැණ වැදී ඇති බවත් සඳහන් කරමින් එම නිලධාරියා රැකියාවෙන් ඉවත්ව ගොස් ඇති බව සඳහන්.

තමාට රැකියාව කරගත නොහැකිව දැඩි මානසික පීඩනයෙන් සිටීම සහ මීට පෙර ද විවිධ අවස්ථාවල ස්ථානාධිපතිවරයා තමන්ට බැණ වැදුණු බවත් අදාළ සටහනේ දක්වා ඇති බවයි වාර්තා වුණේ.

කෙසේ වෙතත් දසත නිව්ස් මේ සම්බන්ධයෙන් අලුත්ගම පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයාගෙන් විමසීමක් කර සිටියා.

එහිදී ස්ථානාධිපතිවරයා සඳහන් කළේ අදාළ නිලධාරියා අසනීප තත්ත්වයක් හේතුවෙන් දින තුනක නිවාඩු අනුමත කරගෙන නිවසට ගිය බවයි.

කෙසේ වෙතත් එම නිවාඩු අවසන් වූ පසු අදාළ නිලධාරියා ටෙලිග්‍රෑම් එකක් මාර්ගයෙන්, කම්මුල්ගාය රෝගී තත්ත්වය හේතුවෙන් සේවයට වාර්තා කිරීමට නොහැකි බවට දැනුම්දීමට කටයුතු කර තිබූ බවයි ස්ථානාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

අනතුරුව දින 21ක් නිවාඩු ලබාගෙන යළි සේවයට වාර්තා කළ එම නිලධාරියාගෙන් අසනීප තත්ත්වය පිළිබඳව විමසා ඊට අදාළ වෛද්‍ය වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසට පැවසූ බවත්, එලෙස ඉදිරිපත් කළ වෛද්‍ය වාර්තාවේ ගැටළුවක් ඇති බවට නිරීක්ෂණය වූ පසු ඒ සම්බන්ධයෙන් ඔහුගෙන් විමසීමට තමන් කටයුතු කළ බවයි ස්ථානාධිපතිවරයා අප සමඟ පැවසුවේ.

ඉන් අනතුරව එම කොස්තාපල්වරයා දෛනික සටහන් පොතේ සටහනක් තබා මෙලෙස සේවය හැරගොස් ඇති බව සඳහන් කළ ස්ථානාධිපතිවරයා, අදාළ සිදුවීම පිළිබඳව ඉහළ අංශ දැනුම්වත් කිරීමට කටයුතු කළ බවයි පවසා සිටියේ.

  1. මේ සිදුවීම ඇත්තනම්, ඇත්තටම POLICIYE නිලදාරීන් ඉන්නේ මානසික පීඩනයක. ඒ අය රාජකාරියෙන් ඔබ්බට සිතනවා අඩු වගේ පේනවා. CONSTABLE මහතා තව ටිකක් ඉවසුවානම් හොදයි නේද? ඉවසීමෙන් සැනසීම ලැබෙන බව අපට වැඩියේ ඔබලා දන්නවා කියලා මම හිතනවා. රාජකාරිවලදී නිලදාරීන්ට හරියට ගැටළු. POLICIYATA ගැටළු DOUBLE.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මුළු තලවකැලේම ජනතාව භීතියට පත්කළ බස් නැවතුමේ බිහිසුණු සිදුවීම - ටවුන් එකේ ඉන්න බෑ
02:14
Video thumbnail
මහා දරුණු දේශපාලන කල්ලි අපි පලවා හැරියේ - අපිට ලැබුණේ අඩිය නැති ආර්ථිකයක් තිබුණ රටක්
10:53
Video thumbnail
මහින්ද මහත්තයා දකුණේ කියද්දි ගැම්මක් තිබුණා - නීතිය සැමට උඩින් කිව්වා..අද කෝ ආයෝජකයෝ ?
10:02
Video thumbnail
අධිබලැති විදුලි රැහැන් කණුවක නැගලා මනුස්සයෙක් දාපු සෙල්ලම - "පාන්දර ඉදලා ඉන්නේ..කෑගැහුවා"
02:02
Video thumbnail
දියවඩන නිලමේගෙන් පෙරහර ගැන විශේෂ ප්‍රකාශයක්..ඉතා විනයගරුකව පෙරහර නරඹන්න
02:08
Video thumbnail
ආනවිළුන්දාව අක්කර ගණනක් විනාශ කළ ගින්න ගැන හෙළිදරව්වක් - හිතාමතා කරපු වැඩක්ද ?
04:34
Video thumbnail
නන්දා මාලනිය සිංදුවෙන් කියපු දේ එළියේ කියන්න ගිහින් මම ඇතුළට ගියේ - මට නඩු අඩුවෙනවා
05:10
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27