පිතිකරුවන්ගේ වරදින් ශ්‍රී ලංකාවට අවමන් සහගත පරාජයක්

20-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අටදෙනාගේ තරග වටයේ පළමු තරගය ක්‍රීඩා කළ ශ්‍රී ලංකාව අද (22) අවමන් සහගත පරාජයක් හිමිකර ගත්තා.

එංගලන්ත කණ්ඩායම හමුවේ ශ්‍රී ලංකාව මෙම තරගය පරාජය වුණේ ලකුණු 51කින්.

මෙම තරගයේ පළමුව පන්දුවට පහර දුන් එංගලන්තය නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 09ක් දැවී ලකුණු 146ක් සිය ලකුණු පුවරුවට එක් කළා.

එංගලන්ත ඉනිමේ නැංගුරම බවට පත් වූ ෆිල් සෝල්ට් ලකුණු 62ක් රැස්කළ අතර, විල් ජැක්ස් ලකුණු 21ක් රැස් කිරීමට සමත් වුණා.

පන්දු යැවීමේ දී සුපිරි පන්දු යැවීමක ශ්‍රී ලංකා පන්දු යවන්නන් නිරත වූ අතර, එහිදී දුනිත් වෙල්ලාලගේ කඩුලු 03ක් සහ දිල්ශාන් මධුසංක සහ මහීෂ් තීක්ෂණ කඩුලු 02 බැඟින් බිඳ දැමුවා.

අනතුරුව පිළිතරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා පිතිකරුවන්ට පන්දුවාර 16යි පන්දු 04ක් තුළ සියල්ලන් දැවී රැස්කරගත හැකි වුයේ ලකුණු 95ක් පමණයි.

මෙම තරගයේ දී ශ්‍රී ලංකා පිතිකරුවන්ගේ දියාරු පිතිකරණය කැපී පෙනුණා.

මෙහිදී එංගලන්ත දඟ පන්දු යවන්නන් හමුවේ අන්ත අසරණ වූ ශ්‍රී ලංකාව කඩුලු 07ක් එංගලන්ත දඟ පන්දු යවන්නන්ට පූජා කළා.

පන්දු යැවීමේ දී විල් ජැක්ස් ලකුණු 22 කට කඩුලු 03ක් සහ ලියම් ඩෝසන් සහ ආදිල් රෂීඩ් කඩුලු 02 බැඟින් බිඳ දැමුවා.

මීට අමතරව ජොෆ්රා ආචර් ශ්‍රී ලංකා ඉනිමේ කඩුලු 02ක් දවාගත්තා.

ශ්‍රී ලංකා පිළිතුරු ඉනිම වෙනුවෙන් නායක දසුන් ශානක ලකුණු 30 රැස්කළ අතර, කමිඳු මෙන්ඩිස් ලකුණු 13ක් රැස් කළා.

අනෙකුත් කිසිඳු පිතිකරුවෙකුට ලකුණු 10 සීමාව ඉක්මවා යෑමට එංගලන්තය පන්දු යවන්නන් ඉඩ ලබාදුන්නේ නැහැ.

ඒ, අනුව මෙම තරගය ලකුණු 51කින් ජය ගන්නට එංගලන්තයට හැකියාව ලැබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
3
+1
12
+1
2
+1
1
+1
2
+1
6
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
චන්දිමාල් ජයසිංහට වැඩ වරදියි - ජන ක්‍රීඩා වෙනුවට බඩු ක්‍රීඩා පැවැත්තුවේ..ප්‍රසිද්ධියේ සමාව ගන්න
08:55
Video thumbnail
හරිනි ආලෝකට කතා කරද්දි ආලෝකා බලපු හැටි ..සෙනඟ මැදින් හරිනි ගැම්මට යන්නේ
02:46
Video thumbnail
සාගරිකා ශීඝ්‍රගාමි දුම්රිය පීලිපැනීමට හේතුව මෙන්න..සමස්ත දුම්රිය ධාවනයේ ගැටලු තියෙනවා
02:30
Video thumbnail
සාගරිකා පීලිපැන්න තැනට ඇවිත් කොට්ටහච්චි උපදෙස් දෙයි.. පීලිපැන්න හැටි CCTV කැමරාවේ සටහන් වූ හැටි
04:10
Video thumbnail
වෙළෙඳසැලක හදිසියේම ඇතිවූ ගින්න..ගින්න මැද්දේ කඩේ තිබ්බ රතිඤ්ඤා පුපුරණ හැටි
01:21
Video thumbnail
සංඥා කුළුණකට නැගි තරුණයා බැහැලා හඬා වැටෙයි.."මාව හිරේ දාන්න එපා..ගිහින් ග#න්න එපා"
02:27
Video thumbnail
කසාගල අධිවේගී පිවිසුමේදී ලොරි රථයක තිබී පුපුරණ ද්‍රව්‍ය තොගයක් මාට්ටු
00:56
Video thumbnail
පොලිසිය - මාධ්‍යවේදීන් සාම පාගමනෙදි නොසන්සුන් වෙයි
00:27
Video thumbnail
පොලිසිය - මාධ්‍යවේදීන් සාම පාගමනෙදි නොසන්සුන් වෙයි.."යකෝ සාම පාගමනේ රණ්ඩු කරන්න එපා"
00:58
Video thumbnail
මාතර ඇතුළු ප්‍රදේශ රැසකට මහ වැසි ඇදහැලුණු හැටි
01:26