ගෑස් අර්බුදය ගැන ජාතික පාරිභෝගික පෙරමුණෙන් හෙළිදරව්වක්

මීට පෙර රට තුළ ගෑස් අර්බුධයක් නිර්මාණය වූ විට එවකට බලයට පත් වූ, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් එම අර්බුදය සාර්ථකව නිමාවට පත් කළ බවත්, වත්මන් රජය බලයට පත්වීමෙන් පසුව එම ගෑස් ලබාගත් සමාගම වෙනුවට වෙනත් සමාගමක් හරහා ගෑස් ලබා ගැනීමට යාමෙන් නැවතත් රට තුළ ගෑස් හිඟයක් නිර්මාණය වී ඇති බවත්, ජාතික පාරිභෝගික පෙරමුණේ නායක අසේල සම්පත් පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ අද (21) පස්වරුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

ගෑස් සැපයුම සිදුකළ සමගම වෙනුවට ඉතා සුළු ලාභයක් වෙනුවෙන් මෙලෙස සමාගම වෙනස් කිරීමට රජය තීරණය කළ නිසා මෙම තත්ත්වය උදා වූ බවයි ඔහු පෙන්වා දෙන්නේ.

”මෙයාලා ඇවිල්ලා, අර ක්‍රමානුකූලව ගෑස් ටික කලට වෙලාවට වෙළඳපොලට එන විදියට ඒ ක්‍රමානුකූලව සපයන සමාගම නැතුව ඩොලර් සත 15කට ලාභ පිණිස වෙනත් සමාගමකට දීලා, මෙයාල දැන් මේ පරිප්පුව කනවා” යැයි ඔහු කියා සිටියා.

එමෙන්ම මේ වන විට වෙළඳපොළෙහි පවතින ගෑස්‌ නිසි ප්‍රමිතියෙන් තොර බවටද ඔහු චෝදනා කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?