යාපනය, වලිකාමම්, පෙරියවිලාන් ප්‍රදේශයේ පිහිටා ඇති රාමනාදන් අරුචුනා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාට අයත් ඉඩකමක් හේතුවෙන් තමාට නිරන්තරයෙන් ගැටලුවලට මුහුණ දීමට සිදුවන බව එම ප්‍රදේශයේ ජනතාව චෝදනා කරනවා.
අද (20) දිනයේ පැවැත්වුණු වලිකාමම් නිරිතදිග ප්‍රාදේශීය සභාවේ මාසික සැසිවාරය අතරතුරදී මේ සම්බන්ධයෙන් කතා බහක් ඇති වූ අතර ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙක් වන එඩ්වඩ් මරියවාසිනි විසින් මේ සම්බන්ධයෙන් චෝදනා කරමින් අදහස් පලකළා.
අරුචුනා මන්ත්‍රීවරයාගේ ඉඩම අතහැර දමා ඇති බවත්, එය මේ වන විට වනාන්තරයක් බවට පත්ව බවත්, එම ඉඩමේ සිට විවිධ සර්පයන් පිටතට පැමිණ අවට ජීවත් වන ජනතාවගේ නිවෙස්වලට ඇතුළු වන බවයි ප්‍රාදේශීය සභා මන්ත්‍රී එඩ්වඩ් මරියවාසිනි සඳහන් කළේ.
මේ නිසා එම ප්‍රදේශයේ ජනතාවට සෑම දිනකම භීතියෙන් ජීවත්වීමට සිදුව ඇති බවයි පොහු චෝදනා කරන්නේ.
කෙසේ වෙතත් එම තත්ත්වය පිළිබද අදහස් දක්වමින් ප්‍රාදේශීය සභාවේ සභපතිවරයා පවසා සිටියේ ජනතාවට බාධාකාරී වන අයුරෙන් ඉඩම පවත්වාගෙන යාම සම්බන්ධයෙන් ලබන සඳුදා දින ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවයි.



