නීති කඩලා වැඩ කරන්න අපි එකඟ නැහැ – ලාෆ් ගෑස් සමාගමට ඇමතිගෙන් දැනුම්දීමක්

පරිපාලන ගැටළු පෙන්වා දෙමින් ජනතාව නොමඟ යැවීමෙන් වළකින ලෙස වෙළඳ අමාත්‍ය වසන්ත සමරසිංහ ලාෆ් ගෑස් සමාගමට දැනුම්දෙනවා.

එම සමාගමේ හම්බන්තොට පිහිටි ගබඩා පර්යන්තය වෙත ගෙන එනු ලබන ගෑස් තොගවලින් 20%ක් මෙරට වෙළඳපොල සඳහාත් ඉතිරි 80% අපනනය කිරීම සඳහාත් රජය විසින් එම සමාගම වෙත ලබා දී ඇති පහසුකමකම් සලා ඇති බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

කෙසේ වෙතත් එම සමාගම විසින් විවිධ පරිපාලනමය ගැටළු මවා පාමින්, අර්බුධයක් නිර්මාණය කර ඔවුන්ගේ සියලු ගෑස් ට්‌ තොග වවිකිණීම සඳහා උත්සහ දරමින් සිටින බවයි අමාත්‍යවරයා පවසන්නේ.

එනමුත් පවතින නීතියෙන් භාහිරව එලෙස කටයුතු කිරීමට රජය කිසිසේත් එකඟ නොවන බවයි අමාත්‍යවරයා සඳහන් කර සිටියේ.

එම සමාගම පරිභෝගිකයන් සඳහා අඛණ්ඩව ගෑස් සැපයීම සඳහා වගකිය බවත් එල්කෙස සිදු නොකරන්නේ නම් නීතිමය පියවර වශයෙන් එම සමාගමෙන් දඩ මුදල් අය කර ගැනීමට සහ නීතිමය වශයෙන් ඉදිරි පියවර ගැනීම සඳහා රජය කටයුතු කරන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
7
+1
3
+1
11
+1
0
+1
0
+1
1
+1
7
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !