තාරුණ්‍යට අදාළවන නීති ප්‍රතිසංස්කරණ කිරීමට අවධානය

තාරුණ්‍ය සඳහා වන පාර්ලිමේන්තු සංසදයේ 2026 වසර සඳහා වූ ඉදිරි වැඩසටහන් පිළිබඳව එම සංසදයේ රැස්වීමේදී සාකච්ඡාවට ලක්වුණා.

ඒ තාරුණ්‍ය සඳහා වන පාර්ලිමේන්තු සංසදය එහි සභාපති, නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකරගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (17 වැනිදා) පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදීයි.

මෙරට තාරුණ්‍යට අදාළ කරුණු සම්බන්ධයෙන් ප්‍රතිපත්තිමය සහ සංකල්පීය කරුණු සංසදය හරහා වර්ධනය කර ඒවා රාජ්‍ය අංශයේ යාන්ත්‍රණයන් හරහා ක්‍රියාත්මක කළ හැකි වන පරිදි සංසදයේ ක්‍රියාකාරකම් සකස් විය යුතු බව සංසදයේ සභාපතිවරයා මෙහිදී පෙන්වා දුන්නා.

තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශය මගින් දැනට සකස් කරමින් පවතින යෝජිත ජාතික තරුණ ප්‍රතිපත්තිය පිළිබඳවද මෙහිදී සාකච්ඡා වී තිබෙනවා.

ඒ අනුව, යෝජිත ප්‍රතිපත්ති කෙටුම්පත පිළිබඳව තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශය සමඟ සාකච්ඡා කිරීමට මෙහිදී තීරණය වුණා.

තවද, තාරුණ්‍යට අදාළවන නීතිවලට ප්‍රතිසංස්කරණ යෝජනා කිරීම, දත්ත මත පදනම් වූ වැඩසටහන් සකස් කිරීම සහ තාරුණ්‍ය සඳහා වූ පාර්ලිමේන්තු සංසදයට රාජ්‍ය හා රාජ්‍ය නොවන සංවිධානවල සහයෝගය ලබා ගැනීම මෙන්ම තාරුණ්‍ය සඳහා ස්ථාපිත ජාත්‍යන්තර සංසද සමඟ ඒකාබද්ධව කටයුතු කිරීම ඇතුළු කරුණු පිළිබඳව ද මෙම රැස්වීමේදී සාකච්ඡා වී තිබෙනවා.

තාරුණ්‍ය සඳහා වූ පාර්ලිමේන්තු සංසදයේ නියෝජ්‍ය සම සභාපතිවරුන් වන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්
වන ලසිත් භාෂණ ගමගේ සහ තනුර දිසානායක ඇතුළු සංසදයේ සාමාජික ගරු මන්ත්‍රීවරයන් පිරිසක් මෙම රැස්වීමට සහභාගී වී සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
2/3 ගත්තට පස්සේ CEB එකට හෙ# ගැ#වත් කමක්නෑ..CEB එකට දෙයියන්ගෙම පිහිටයි
05:05
Video thumbnail
චානක තනියෙන් නැගිටලා හතර වටේටම දෙසයි..ඔයා කූල් එකේ ඉන්න..පාඩුව බිලියන 100යි..
12:06
Video thumbnail
කාන්තාවොත් නටවපු මෛත්‍රීගේ සුපිරි ගීතය..ඩඩ්ලි ඇතුළු සෙට් එකම තාලෙට අත්පුඩි ග#න හැටි
01:22
Video thumbnail
මහින්ද මහත්තයා 2015 පැරදුණේ නැතිනම් තරුණයින් ඩොලර්වලින් පඩි ගන්නේ
02:58
Video thumbnail
අධ්‍යාපන හිඟන්නු, ඩෝබිලා මේක හෝදලා දාන්න හදනවා..උලපනේ හිමි හොඳටම දෙසයි
06:50
Video thumbnail
පාස්කු සිද්ධිය දැම්මෙත් අපේ ගිණුමට - තිස්සකුට්ටි කුපිත වෙයි
04:33
Video thumbnail
බලශක්ති ඇමතිගේ කෙරුවාව අජිත් හෙළිකරයි..අපි කබ්බෝ නෙවෙයි කබ්බෝ නෙවෙයි
11:01
Video thumbnail
සරත් ෆොන්සේකාට සැර හින්ට් එකක්..ඕන වුණේ ලොක්කෝ අල්ලන් පොරක් වෙන්න
03:19
Video thumbnail
කොච්චර ත#ජන ආවත් සඟ සමුළුව අපි තියනවා..රස්තියාදු ටිකක් නෙවෙයි එන්නේ..Full Option Hybrid
04:42
Video thumbnail
රිදෙනවද? අහන් ඉන්න කෙ#වෙන්න යන්නේ ඔයාලට..අපි හොරා කාලත් නෑ හිඟා කාලත් නෑ
20:33


?