ඇෆ්ගන් ක්‍රිකට්වලට පෑයූ රිදී රේඛාව රාජකාරිය අවසන් කර නික්ම යයි

මෙවර පන්දුවාර 20-20 ලෝක කුසලාන තරගාවලියේ ඇෆ්ගනිස්ථාන කණ්ඩායමට සහභාගී වූ මූලික වටයේ අවසන් තරගය ඊයේ (19) කැනඩා කණ්ඩායම සමඟ පැවැත් වුණා.

එම තරගය ලකුණු 82 කින් ජයගන්නට ඇෆ්ගනිස්ථානයට හැකියාව ලැබුණත් මෙවර තරගාවලියෙන් ඉවත් වන්නට ඔවුන්ට සිදුවුණා.

මේ අතර 2022 වර්ෂයේ සිට ඇෆ්ගනිස්ථාන කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ ජොනතන් ට්‍රොට්ට කොන්ත්‍රාත් කාලය ද මේ සමඟ අවසන් වුණා.

ඒ, අනුව ඇෆ්ගනිස්ථාන කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු තනතුරින් ඉවත්ව යන්නට ජොනතන් ට්‍රොට්ට සිදු වනවා.

ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් කණ්ඩායම වර්තමානයේ සිටින තැනට ගෙන ඒමට ජොනතන් ට්‍රොට් විශාල දායකත්වයක් ලබාදුන් අතර, ඔහුගේ ප්‍රධාන පුහුණුකාරීවය යටතේ ඇෆ්ගනිස්ථාන කණ්ඩායමේ විශාල පිබිදීමක් දැකගත හැකි වුණා.

2022 ජූලි මාසයේ දී ඇෆ්ගනිස්තාන ප්‍රධාන පුහුණුකරුගේ වගකීම භාරගත් ජොනතන් ට්‍රොට් ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් ක්‍රීඩාවට සිදුක අමිල දායකත්වය වෙනුවෙන් ඊයේ තරගයේ දී වීරයා බවට පත් වූ ඉබ්‍රහිම් සාද්‍රන් තමන්ට හිමි වූ තරගයේ වීරයා සම්මානය ප්‍රධාන පුහුණුකරු ජොනතන් ට්‍රොට්ට පුද කරන්නට ද කටයුතු කිරීම විශේෂ සිදුවීමක් වුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපිට බොන්නවත් හරියට වතුර නෑ - රජයෙන් අපිට විසඳුමක් ලබාදෙන්න
03:53
Video thumbnail
මහා පරිමාණ ගංජා වගාවක් හම්බෙගමුව පොලිසිය වටලයි
00:27
Video thumbnail
පස් දෙනෙකුට ජීවිතය අහිමි කළ බිහිසුණු අනතුරට පෙර කට්ටිය හිනා වෙවී සතුටින් හිටිය හැටි
03:12
Video thumbnail
පොලිසියට චණ්ඩි පාට් දාපු පුද්ගලයාව පොලිසියෙන් කුදලන් ගිය හැටි
01:25
Video thumbnail
රටට තියන එකම විකල්පය සජබයයි - ජනතාව අසරණ වෙලා ඉන්නේ
02:52
Video thumbnail
බිමල්, නාමල් කරුණාරත්න මහණවෙලා හිටියේ..යකෝ මුන් මහාවංශය කියවලාවත් නැද්ද ?
01:51
Video thumbnail
අලුත්ගම අනතුර ඇසින් දුටු අයෙක් සියල්ල හෙළිකරයි - "සංඥා වැදෙද්දිම ත්‍රීවිල් එක දැම්මේ"
01:38
Video thumbnail
"කෝච්චි නැතුවත් නිකනුත් පත්තු වෙනවා" අනතුරෙන් පසු උණුසුම් වූ මිනිස්සු..මෙන්න තවත් දර්ශන
03:28
Video thumbnail
කාලයක් මහණ වෙලා හිටපු සෙට් එක ගැන හාමුදුරුවෝ ප්‍රසිද්ධියේම කියයි..
00:23
Video thumbnail
දුම්රිය අනතුරෙන්, පෙර පිනකට ජීවිතය බේරුණ තරුණයා - "ලොකු දෙයක් උඹ බේරිච්ච එක"
00:26