ලෝකයක් බලා සිටි ඉන්දු – පාකිස්ථාන ක්‍රිකට් ගැටුමෙන් පසු ජනපතිගෙන් විශේෂ ෆේස්බුක් සටහනක්

පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ ලෝකයක් බලාසිටි තරගය ඊයේ (15) කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත් වුණා.

ඉන්දියාව සහ පාකිස්ථාන අතර පැවති මෙම තරගය ලකුණු 61 කින් ජය ගන්නට ඉන්දීය කණ්ඩායමට හැකියාව ලැබුණා.

ලෝකයක් බලා සිටි මෙම තරගය නැරඹීමට ජනධිපති අනුර කුමාර දිසානායක ද කෙත්තාරාම ක්‍රීඩාංගණය වෙත පැමිණ සිටියා.

ජනාධිපතිවරයාට අමතරව ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ, විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත්, මෙරට ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා, ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සභාපති ජේ ෂා, ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ සහ පාකිස්ථාන ක්‍රිකට් ආයතනයේ සභාපති මොහ්සින් නක්වි ද මෙම තරගය නැරඹීම සඳහා කෙත්තාරාම ක්‍රීඩාංගණයට පැමිණ සිටි ආකාරයයි දැකගන්නට ලැබුණේ.

තරගයෙන් අනතුරුව ජනධිපති අනුර කුමාර දිසානායක සිය නිල ෆේස්බුක් පිටුවට විශේෂ සටහනක් ද එක්කර තිබූ අයුරු දැකගත හැකි වුණා.

2 1

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
41
+1
1
+1
20
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?