පළාත් කිහිපයක ඇතැම් ස්ථානවලට තරමක් තද වැසි

මධ්‍යම, ඌව, නැගෙනහිර සහ උතුරු – මැද පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයෙත් අද (12) දිනයේදී විටින් විට වැසි ඇති විය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අතරින් නුවරඑළිය, මාතලේ, බදුල්ල සහ පොලොන්නරුව දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50 ට වැඩි තරමක් තද වැසි ඇති විය හැකි බවයි කාලගුණ නිවේදනයේ සඳහන් වුණේ.

උතුරු පළාතේ වැසි වාර කිහිපයක් ඇති විය හැකි බවද එම නිවේදනයේ සඳහන්.

සෙසු ප්‍රදේශවල පස්වරු 2.00 න් පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50 ට වැඩි තරමක් තද වැසි ඇති වීමේ හැකියාව පවතිනවා.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වල අළුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් වැඩිදුරටත් නිවේදනය කර තිබෙනවා.

ගිගුරුම් සහිත වැසි සමග ඇති විය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?