ඉන්දියාව සමඟ ලෝක කුසලාන තරගයට කැමැත්ත දුන් පාකිස්ථානයට ජනපති අනුරගෙන් තුති

2026 පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලානයේ ඉන්දියාවට එරෙහි තරගය ක්‍රීඩා කිරීමට පාකිස්ථාන ක්‍රිකට් කණ්ඩායමට, අවසර ලබාදීම පිළිබඳව ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් පාකිස්ථාන අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ්ට ස්තූතිය පළකර තිබෙනවා.

සිය නිල ‘එක්ස්’ ගිණුමේ සටහනක් තබමිනුයි ජනාධිපති අනුර කුමාර දිසානායක මෙම ස්තූතිය පළකර ඇත්තේ.

අදාළ එක්ස් සටහන මඟින් ජනාධිපතිවරයා වැඩිදුරටත් පවසා ඇත්තේ, 1996 ලෝක කුසලාන තරඟාවලියේ දී ආරක්ෂක හේතූන් මත අනෙකුත් කණ්ඩායම් මෙරට දී ක්‍රීඩා කිරීම ප්‍රතික්ෂේප කළ අවස්ථාවක ඉන්දියාව සහ පාකිස්ථානය පෙන්වූ සහයෝගීතාවය ශ්‍රී ලංකාවට අමතක නොමැති බවයි.

මේ අතර එළෙඹෙන 15 වනදා කොළඹ දී පැවැත්වෙන ඉන්දියාවට එරෙහි තරගයට පාකිස්ථාන කණ්ඩායම සහභාගී කරවන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් පාකිස්ථාන අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලමක් කර තිබුණා.

ඒ, ඊයේ (09) දෙරටේ රාජ්‍ය නායකයින් දෙදෙනා අතර පැවති විශේෂ දුරකථන සංවාදයක දීයි.

2


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අද දිනයෙත් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - කාලගුණයේ නවතම තත්ත්වය මෙන්න
04:33
Video thumbnail
ගමේ මිනිස්සුම පාරට බැහැලා මුළු ගමටම දුන්න සුපිරි සුද්දය
03:12
Video thumbnail
"මල්ලි යන්න එපා..ඔයා බය නැතුව ඉන්න"- අලියෙක් ආහාර සොයා වාහනය පැත්තට දුවගෙන එන හැටි
00:57
Video thumbnail
කෝටි තුනකට වැඩි රත්‍රං පාර්සල් කරලා ශරීරයේ හංගගෙන ලංකාවට ඇවිත්
00:45
Video thumbnail
මෙහෙයුම කළ නිලධාරින්ට ඕලුගලගෙන් ප්‍රශංසා - ඝා#නයකට යමින් සිටි දෙදෙනෙක් කොස්ගොඩදී අත්අඩංගුවට
01:17
Video thumbnail
අගමැතිතුමියට දූ දරුවන්ගෙන් ලැබුණු ආදරය
01:12
Video thumbnail
දඩාස් ගාලා සද්දයක් ඇහුණා - කෑලි විසිවුණා
01:51
Video thumbnail
රුපියල් කෝටි 2ක් වටිනා මත්කුඩු ගනේමුල්ල පොලිසියෙන් අල්ලයි
00:30
Video thumbnail
රුපියල් කෝටි 2ක් වටිනා මත්කුඩු ගනේමුල්ල පොලිසියෙන් අල්ලයි
00:34
Video thumbnail
ලංකාවේ පාසල් පද්ධතිය බරපතළ අභියෝගයකට ලක්වෙලා තියෙන්නේ
06:33