සත්‍යග්‍රහයේ නිරත මාදැල් ධීවරයින් සමඟ සාකච්ඡාවට සූදානම්, හැබැයි අධිකරණ තීන්දුවෙන් පසු – නියෝජ්‍ය ඇමති රත්නගමගේ

සත්‍යග්‍රහයේ නිරත මාදැල් ධීවරයින් සමඟ සාකච්ඡාවට සූදානම් බව ධීවර නියෝජ්‍ය අමාත්‍ය රත්නගමගේ පවසනවා.

අද (09) පෙරවරුවේ ධීවර අමාත්‍යාංශයේ දී මාධ්‍ය හමුවක් පවත්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ මාදැල් ධීවරයින් ආරම්භ කර ඇති සත්‍යග්‍රහය සම්බන්ධයෙන් මේ වනවිට ඍජු අදහසක් ප්‍රකාශ කිරීමට නොහැකි බවයි.

ධීවරයින් විසින් මේ වනවිට අමාත්‍යංශය ගෙන ඇති තීරණයට එරෙහිව අධිකරණයේ නඩුවක් ගොනු කර ඇති බවත්, එළඹෙන 27 වනදා දක්වා මේ සම්බන්ධයෙන් නිශ්චිත අදහසක් ලබාදිය නොහැකි බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහිදී අදහස් දක්වමින් සඳහන් කළා.

මාදැල් කර්මාන්තය මෙරට සම්ප්‍රදාය හා සංස්කෘතිය සමඟ බැඳී පවතින වෘත්තියක් බව පිළිගන්නා අතරම, සමුද්‍රීය සම්පත් ආරක්ෂා කිරීම රජයේ ප්‍රමුඛ වගකීමක් බව ඔහු මෙහිදී පැවසුවා.

වර්තමාන අර්බුදයට මූලික හේතුව වී ඇත්තේ 2015 වසරේ යහපාලන රජය සමයේ එවකට සිටි අමාත්‍යවරුන් විසින් මාදැල් ඇදීම සඳහා ට්‍රැක්ටර් සහ වින්ච් (Winches) යන්ත්‍ර භාවිත කිරීමට ලබා දී ඇති තාවකාලික අවසරය බවයි ඔහු පෙන්වා දුන්නේ.

අධිකරණ තීන්දුවෙන් පසුව, ධීවර සංගම් සමඟ සාකච්ඡා කර ධීවරයන්ගේ ජීවනෝපායට හානි නොවන පරිදි ස්ථිරසාර විසඳුමක් ලබාදීමට රජය සූදානම් බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අත්පත් කරගත් ආර්ථික ජයග්‍රහණ ගමට තල්ලු කළ යුතුයි - බිඳ වැටුණු ව්‍යාපෘති විශාල අවුල් ජාලාවක්
09:56
Video thumbnail
අද පැවිදි වෙන අයට වඩා සිවුර අරින අය වැඩියි - උදාර වැඩපිළිවෙලක් කිරීම රජයේ ඉතාම කාලෝචිත ක්‍රියාවක්
07:19
Video thumbnail
22 ගැන කට ඇරපු ක්‍රීඩා ඇමති - එක කණ්ඩායමකගේ අතේ තියෙන දේපළ වෙලා
04:23
Video thumbnail
හිටපු පාලකයින් හිටවපු ගස් කපලා අලුත් ගස් හිටවන දඹුල්ලේ නගරාධිපති - ප්‍රජාව අපිට චෝදනා කළා
02:05
Video thumbnail
22 වන සංශෝධනයට එරෙහිව ලිබර්ටි වට රවුමේ විරෝධතාවක් - ආණ්ඩුව ජනවරමට පටහැනිව ක්‍රියා කරන්නේ
03:09
Video thumbnail
මේක ජනතාවගේ ආණ්ඩුවක් - අපේ පෞද්ගලික ආණ්ඩුවක් නෙවෙයි..ඔවුන්ගේ පන්නයේ මැති ඇමතිලා නෙවෙයි මේ
03:23
Video thumbnail
රාත්‍රී තැපැල් දුම්රිය කිහිපයක්ම අවලංගු කරයි - මගීන් අමාරුවේ දාන්නේ රාජ්‍ය නිලධාරින්
04:46
Video thumbnail
අපේ දෑත් පිරිසිදුයි, අපේ හදවත පිරිසිදුයි
00:25
Video thumbnail
නාමල් අත්අඩංගුවට ගැනීම නීතියානුකූලයි
01:02
Video thumbnail
නාමල් අත්අඩංගුවට ගැනීම නීතියානුකූලයි.. කොහේ ගියත් වැඩක් නෑ
01:06