බස් හිමියන්ට ඇමති බිමල්ගෙන් අනතුරු ඇඟවීමක්

මත්ද්‍රව්‍යට ඇබ්බැහි වූ රියැදුරන් බස් රථ ධාවනයට යෙදවීමෙන් මාර්ග බලපත්‍රය ද අහෝසි විය හැකි බව ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක අනතුරු අඟවනවා.

අමාත්‍යවරයා බස් හිමියන්ට දැනුම් දෙන්නේ කිසිම ආකාරයකට මත්ද්‍රව්‍යට ඇබ්බැහිවූ රියදුරන් සේවයට යොදා නොගන්නා ලෙසයි.

මත්ද්‍රව්‍ය භාවිත කර මගී ප්‍රවාහනයේ යෙදෙන රියැදුරන් පරීක්ෂා කිරීම් මේ වනවිට ක්‍රියාත්මක අතර, ඒ යටතේ රුධිර හා මූත්‍රා සාම්පල පරීක්ෂාවට අමතරව ඛේට සාම්පල පරීක්ෂා කිරීම සිදුකරනවා.

මේ අතර මත්ද්‍රව්‍ය භාවිතකර රිය පදවන රියදුරන් හඳුනාගැනීමේ වැඩසටහන ශක්තිමත් කිරීම සඳහා මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව අතිරේක ජංගම රසායනාගාර දෙකක් එක්කර ගැනීමට තීරණය කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
1
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?