කණ්ඩායමේ හොඳ සමබරතාවයක් තියෙනවා – දසුන් ශානක

මෙවර විස්සයි විස්ස ලෝක කුසලානයේ ශ්‍රී ලංකාව සහභාගී වන පළමු තරගය, හෙට (06) අයර්ලන්තය සමඟින් කොළඹ ආර්.ප්‍රේමදාස පිටියේ දී පැවැත්වෙනවා.

තරගය රාත්‍රී 07.00ට ආරම්භ වීමට නියමිතයි.

තරගයට ප්‍රථමව පැවැත්වෙන මාධ්‍ය හමුව සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් නායක දසුන් ශානක අද (07) පස්වරුවේ සහභාගී වුණා.

එහිදී මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්න හමුවේ දසුන් පවසා සිටියේ මේ වන විට කණ්ඩායමේ නිසි සමබරතාවයක් පවතින බවයි.

කණ්ඩායමේ ක්‍රීඩකයින් මේ වන විට වඩා හොඳ දක්ෂතාවයන් දක්වමින් සිටින බවත් පන්දුයැවීම සහ පන්දුවට පහර දීම යන දෙඅංශයෙන්ම තමාට කණ්ඩායම සම්බන්ධයෙන් මනා විශ්වාසයක් පවතින බවත් නායක දසුන් ශානක පෙන්වා දුන්නා.

මැද පෙළ පිතිකරුවන් නිරන්තරයෙන් අසාර්ථක වූ බවට තමන් පිළිගන්නා බවත්, එලෙස අසාර්ථක වීමට ක්‍රීඩාකළ තණතීරුවල පැවති තත්ත්වය බෙහෙවින් බලපෑ බවත්, කණ්ඩායමේ පිතිකරණය සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වමින් දසුන් කියා සිටියා.

එලෙසම ලෝක කුසලාන තරගාවලිය වඩා හොදින් ක්‍රීඩා කිරීමට තමන් ඇතුළු කණ්ඩායම බලාපොරොත්තුවන බවත් ඒ සඳහා කණ්ඩායමට අවශ්‍ය සහය ලබදෙනා ලෙසත් දසුන් ශානක ප්‍රේක්ෂනයින්ගෙන් ඉල්ලා සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.09.09
00:00
Video thumbnail
නාමල්ව බේරාගන්න ජිනීවා ගියා මිලින්ද ලෝකෙටම ඇහෙන්න කිව්ව දේ..
01:39
Video thumbnail
"හිර කූඩුවේ ඉද්දි හරි නාමල් පුතාව ජනාධිපති කරනවා" - 12 වැනිදා රැළියට එනවා කියලත් කියන්න"
00:16
Video thumbnail
වෙඩි පත්තු වූ අතුරුගිරිය හෝටලයට දැඩි ආරක්ෂාවක්
00:39
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.08
01:15:31
Video thumbnail
ඇයි අපි නාමල්ට ශක්තියක් වෙන්නේ ?එහෙම කියන්න පුළුවන්ද අපි කතා කරන ඒවා
02:33
Video thumbnail
වීරයෝ තැනීම ගැන රාජිත කියයි - සියලු බලවේග එකතු කිරීම ගැන කතා කළා
02:50
Video thumbnail
හිරගෙවල්වල දාලා නාමල්ගේ නැගිටීම නවත්තන්න බෑ - පොහොට්ටුවට හැමදාම මහින්ද ආශිර්වාද කළා
03:50
Video thumbnail
ආණ්ඩුවට විරුද්ධ රැස්වීම්වලට ජනතාව ගිහින් එකතු වෙන්න..නිදහස් සෞඛ්‍යයට තමයි අත තියන්න යන්නේ
05:49
Video thumbnail
මාධ්‍ය මග හැර ගිය චාමර - "මල්ලි මගෙන් වොයිස් කට් ගන්න එපා...මම අලුත් කෙනෙක්"
00:43