“පළමු 20-20 තරගයට වඩා අපි දෙවන තරගයේ දී හොඳයි”

සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ පැවැත්වෙන් විස්සයි විස්ස තරගාවලිය තවත් එක තරගයක් ඉතිරිව තිබිය දී ජයගන්නට එංගලන්ත කණ්ඩායමට ඊයේ (01) හැකියාව ලැබුණා.

ඒ, දෙරට අතර පැවති දෙවන විස්සයි විස්ස තරගයෙන් කඩුලු 06 කින් ජයගැනීමට එංගලන්තයට හැකිවීමත් සමඟයි.

පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තරගයෙන් පසුව පැවැත් වූ මාධ්‍ය හමුවට ශ්‍රී ලංකා කණ්ඩායමට අලුතින් එක් වූ පිතිකරණ පුහුණුකරු වික්‍රම් රාත්‍රෝර් එක්ව සිටියා.

එම මාධ්‍ය හමුවේ දී ඔහු සඳහන් කළේ පළමු තරගයේ දී ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ගේ ක්‍රීඩා විලාශයට වඩා දෙවන තරගයේ දී ඔවුන්ගේ ක්‍රීඩා විලාශය හොඳ මට්ටමක පැවති බවයි.

මේ අතර එක්දින සහ විස්සයි විස්ස තරගවල දී පිතිකරණයේ දී ශ්‍රී ලංකා පිතිකරුවන් හොඳ ආරම්භයක් ලබාගන්නා බවත්, මැදපෙළ යම් අසාර්ථකත්වයක් පෙන්නුම් කරන බවත් ඊට හේතුවන් කුමක් දැයි මාධ්‍යවේදීන් ඔහුගෙන් මෙහිදී විමසා සිටියා.

ඊට පිළිතුරු ලබාදෙමින් පිතිකරණ පුහුණුකරු වික්‍රම් රාත්‍රෝර් පැවසුවේ එවැනි තත්ත්වයක් ඇති බවට තමන් පිළිගන්නා බවයි.

එය සකසා ගැනීම වෙනුවෙන් මේ වනවිට කණ්ඩායම මහන්සි වී කටයුතු කරන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

මේ අතර නවක ක්‍රීඩක පවන් රත්නායක සම්බන්ධයෙන් ද පිතිකරණ පුහුණුකරු වික්‍රම් රාත්‍රෝර් මෙහිදී අදහස් දක්වමින් පැවසුවේ පවන් ශ්‍රී ලංකාවට හොඳ සලකුණක් බවයි.

එමෙන්ම මෙම පරම්පරාවේ පවන් වැනි ක්‍රීඩකයින් දැකගැනීමට අඩු විශේෂ ක්‍රීඩකයින් බවත් ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් සඳහන් කර සිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
0
+1
5
+1
0
+1
0
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Praharaya| ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන සජීවීව
00:00
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු එන්නද යන්නේ ? - එයාලා පෙරළගත්තොත් රට බාරගන්න කෙනෙක් ඉන්න ඕනි
02:37
Video thumbnail
සමගි ජන බලවේගය අපි එක්ක සම්බන්ධයි..හැබැයි පේන්නේ නෑ - මහින්දලා ගැන අදටත් අපේ විවේචන තියෙනවා
06:09
Video thumbnail
ආණ්ඩුවට අපි බය නෑ..බයනම් මෙහෙම කතා කරනවද ?.. l Duminda Dissanayake
02:12
Video thumbnail
ඒකාබද්ධ විපක්ෂයට නායකත්වයක් නැද්ද ?..සියළුම දේශපාලන පක්ෂවල අය නායකයෝ
02:40
Video thumbnail
මම නම් කැමති මේ ආණ්ඩුව අවුරුදු 5ම යනවට..විපක්ෂය ආණ්ඩුවට අකුල් හෙලන එක නවත්තන්න ඕනි
02:58
Video thumbnail
උතුරේ ආණ්ඩුකාරවරයා අධිකරණයට බලපෑම් කරනවා..අපේ කොන්දේසිවලට IMF එක ආවා මිසක් අපි ගියේ නෑ
09:08
Video thumbnail
අපේ රටට ඕනිවෙලා තියෙන්නේ ධර්මාධිකරණයක් නෙවෙයි සංඝාධිකරණයක්..
13:35
Video thumbnail
හර්ෂ තෙල් මිල වැඩි වෙනවා කියද්දි ජනපති එතනින් යයි
00:57
Video thumbnail
වැඩබලන අටමස්ථානාධිපති වෙච්ච අකරතැබ්බයක් ගැනත් හෙළිකරයි - ලියාපදිංචි නොවී දන්සල් දෙන්න බෑ
10:34