2026 විස්සයි විස්ස ලෝක කුසලානය සඳහා වන ශ්‍රී ලංකා සංචිතය මේ වන විට තෝරා අවසන් කරඇති බව අභ්‍යන්තර ක්‍රිකට් ආරංචි මාර්ග පවසනවා.
ඒ අනුව ක්‍රීඩකයින් 15 දෙනෙක්ගෙන් සමන්විත මෙම සංචිතය සඳහා දසුන් ශානක (නායක), පැතුම් නිශ්ශංක, කුසල් මෙන්ඩිස්, කුසල් ජනිත්, චරිත් අසලංක, කමිල් මිෂාර, පවන් රත්නායක, ජනිත් ලියනගේ, කමිඳු මෙන්ඩිස්, දුෂ්මන්ත චමීර, මතීශ පතිරණ, ඒෂාන් මාලිංග, වනිඳු හසරංග, මහීෂ් තීක්ෂණ, දුනිත් වෙල්ලලොගේ යන ක්‍රීඩකයින්ගේ නම් ඇතුළත් කර ඇති බවයි වාර්තා වන්නේ.
ඒනමුත් මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නිල වශයෙන් කිසිවක් ප්‍රකාශ කර නැහැ.
කෙසේ වෙතත් ජ්‍යාත්‍යන්තර ක්‍රිකට් ආයතනය විසින් ලෝක කුසලානය සඳහා වන නිල සංචිත ප්‍රකාශ කිරීම සඳහා ලබා තිබූ කාලය ඊයේ (31) මධ්‍යම රාත්‍රී 12න් අවසන් වුණා.













