මෙම රජය බලයට පත්වීමෙන් පසු 2025 වසරේ මැයි මාසයේ ජනාධිපති ලේකම් කාර්යාලයේ දී සිදු කරනු ලැබූ රජයේ වාහන වෙන්දේසියේදී ඉතා ඉහළ වටිනාකමින් යුත් වාහන ඉතා අඩු මුදලකට විකිණීම සම්බන්ධයෙන් සිදු කරනු ලැබූ පැමිණිල්ලකට සම්බන්ධයෙන් විමසීම සඳහා ස්වර්ණ භූමි ජාතික ව්‍යාපාරයේ සභාපති ආචාර්ය අසංක රුවන් පොදුපිටිය අල්ලස් කොමිසම වෙත පැමිණ සිටියා.
මේ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරන ලෙස ඉල්ලමින් පසුගිය වසරේ මැයි මස 19 වන දින පැමිණිල්ලක් ඉදිරිපත් කළ බවත් එලෙස පැමිණිල්ල සිදුකර මාස 08ක පමණ කාලයක් ගත වුවද මේ වන තෙක් අල්ලස් කොමිසම විසින් ලිපියක්වත් යොමුකර මේ පිළිබද ඔවුන් දැනුවත් නොකළ බවත් ඔහු පෙන්වා දෙනවා.
මිලියන 500ක වටිනාකමින් යුත් වාහන මිලියන 200ක මුදලකට විකිණීමෙන් රජයට මිලියන 300ක පාඩුවක් සිදු වූ බවට පවසමින් ඔහු මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබුණා.
කෙසේ වෙතත් මෙම සිද්ධිය සම්බන්ධයෙන් හෙට (28) දිනයේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙන්තුවේ පෙනී සිටින ලෙස දන්වා ඇති බවයි අසංක රුවන් පොදුපිටිය සඳහන් කළේ.
රජය විසින් මෙලෙස සිදු කරමින් පවතින්නේ සිවිල් ක්‍රියාකාරීන් මර්දනය කිරීමද යන්නත් ඔහු ප්‍රශ්න කරනවා.



