ජේ ෂා බංග්ලාදේශයට දැඩි ක්‍රියාමාර්ග ගැනීමේ සූදානමක්

2026 විස්සයි විස්ස ලෝක කුසලානය සඳහා බංග්ලාදේශය ඉන්දියාවේ සංචාරය කිරීමට එකඟ නොවන්නේ නම්, ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සභාපති ජේ ෂා ඔවුන්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගැනීමට සලකා බලනු ඇතැයි අයි.සී.සී. ආරංචි මාර්ග පවසනවා.

මේ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීම සඳහා අයි.සී.සී සභාපතිවරයා ඩුබායි හි සිටින බවයි ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

බංග්ලාදේශ ක්‍රිකට් මණ්ඩලය මීට පෙර අයි.සී.සී. වෙතින් ඉල්ලා සිටියේ තම ක්‍රීඩකයින්ගේ “ආරක්ෂාව සහ ආරක්ෂාව පිළිබඳ ගැටළු” සඳහන් කරමින් ඉන්දියාවෙන් පිටත ඔවුන්ගේ 20-20 ලෝක කුසලාන තරඟ ශ්‍රී ලංකාවට මාරු කරන ලෙසයි.

කෙසේ වෙතත් ඔවුන්ගේ තරඟ ඉන්දියාවෙන් පිටතට ගෙනයාමට බංග්ලාදේශ ක්‍රිකට් මණ්ඩලය කළ ඉල්ලීම අයි.සී.සීය පසුගිය බදාදා ප්‍රතික්ෂේප කරනු ලැබුවා.

ජාත්‍යන්තරව පිළිගත් ආරක්ෂක විශේෂඥයින් විසින් සිදුකරන ලද ස්වාධීන අවදානම් තක්සේරු කිරීම්, බංග්ලාදේශයට නියමිත 20-20 ලෝක කුසලාන තරඟ ඉන්දියාවේ ක්‍රීඩා කළ නොහැකි බවට නිගමනය නොකරන බව අයි.සී.සී ආරංචි මාර්ග සඳුදා ප්‍රකාශ කළා.

අයි.සී.සීය ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමෙන් පසු, ලෝක කුසලාන තරඟ ඉන්දියාවේ ක්‍රීඩා නොකිරීමට බංග්ලාදේශ ක්‍රිකට් මණ්ඩලය ගත් තීරණයේ ස්ථිරව සිටින බව එහි සභාපති අමිනුල් ඉස්ලාම් බ්‍රහස්පතින්දා පැවසුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
6
+1
17
+1
3
+1
3
+1
1
+1
12
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?