හොරණ, ඉළිඹ හන්දිය ප්‍රදේශයේ දී යතුරුපඩි දෙකක් මෝටර් රථයක ගැටී මාරාන්තික අනතුරක් සිදුව තිබෙනවා.
හොරණ පොලිසිය සඳහන් කළේ ඊයේ (16) රාත්‍රී 11.10 පමණ සිදුව ඇති මෙම අනතුරෙන් එක් යතුරුපැදිකරුවෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.
මෙම අනතුරින් තවත් යතුරුපැදිකරුවෙක් බරපතල තුවාල ලබා ඇති අතර, මෝටර් රථය තුළ සිටි මෝටර් රථයේ රියදුරුගේ පුත්‍රයා ද මින් තුවාල ලබා තිබෙනවා.
අනතුරින් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ හොරණ, මීවනපලාන ප්‍රදේශයේ පදිංචිව සිටි වයස අවුරුදු 17ක තරුණයෙක්.
රාත්‍රී කාලයේ මහ මාර්ගයේ තරගයට යතුරුපැදි ධාවනයේ යෙදුණු යතුරුපැදි දෙකෙක් මෝටර් රථයේ ගැටී මෙම අනතුර සිදුව තිබෙනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
2
+1
2
+1
+1
+1
+1
2



