බත්තරමුල්ල දියත උයන සහ රාජගිරිය අතර ප්‍රධාන මාර්ගයේ දී යතුරුපැදියකින් ගමන් කරමින් ආයුධයක් වැනි උපකරණයක් භාවිත කර, මෝටර් රථ කිහිපයකට අලාභ හානි සිදුකරන පුද්ගලයෙක් පිළිබඳව වීඩියෝවක් මේ වනවිට සමාජ මාධ්‍ය සංසරණය වනවා.
මෙලෙස වාහනවලට අලාභ හානි සිදුකළ පුද්ගලයා වැලිකඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
අත්අඩංගුවට ගැනුණු එම සැකකරු 29 හැවිරිදි වියේ පසුවන රාගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි පොලිසිය සඳහන් කළේ.
මොහු තදින්ම මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී සිටින අයෙකු බවත් පොලිසිය පවසනවා.
සැකකරු අද (13) දිනයේ අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර, සැකකරු සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන වැලිකඩ පොලිසිය මඟින් සිදුකරනු ලබනවා.



