‘Rebuilding Sri Lanka’ ජාතික වැඩපිළිවෙලේ සමාරම්භක උත්සවය අද (13) පැවැත් වෙනවා.
කොළඹ, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශලාවේදී ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් මෙම උත්සවය පැවැත්වීමට නියමිතයි.
දිවයිනට බලපෑ දිට්වා සුළි කුණාටුවෙන් පසුව පුනරුත්ථාපන හා ප්‍රතිසාධන කටයුතුවලට ප්‍රතිචාර දැක්වීම සඳහා Rebuilding Sri Lanka වැඩසටහන ක්‍රියාත්මක වනවා.
එම ක්‍රියාවලියට උපායමාර්ගික නායකත්වය, සම්බන්ධීකරණය සහ අධීක්ෂණය කිරීම සඳහා අග්‍රාමාත්‍ය හරිනි අමරසූරියගේ සභාපතිත්වයෙන් යුතුව අමාත්‍යවරුන්, රාජ්‍ය නිලධාරීන් ඇතුළු 25 දෙනෙකුගෙන් සමන්විත ජනාධිපති කාර්ය සාධක බලකායක් ජනාධිපතිවරයා විසින් ස්ථාපිත කරනු ලැබුවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
1
+1
1
+1
+1
1




