අන්තර්ජාලය හෝ ජංගම දුරකථනයක් පාවිච්චි නොකරන ඉන්දීය ජාතික ආරක්ෂාවේ ප්‍රධානියා

තමන් ජංගම දුරකථනයක් හෝ අන්තර්ජාලය භාවිත නොකරන බව ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශක අජිත් ඩෝවාල් පවසනවා.

වික්සිත් භාරත් තරුණ නායකයින්ගේ සංවාදයේ සමාරම්භක සැසිය ඊයේ (10) අමතමින් ඔහු මේ බව කියා සිටියා.

භාරත් මණ්ඩපම් හි පැවති ප්‍රශ්නෝත්තර සැසියකදී, අජිත් ඩෝවාල්ගේ ප්‍රශ්න කර සිටියේ ඔහු ජංගම දුරකථන සහ අන්තර්ජාලය භාවිතා කිරීමෙන් වැළකී සිටින බව සත්‍ය කාරණයක් ද යන්නයි.

ඊට පිළිතුරු දෙමින් ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශක අජිත් ඩෝවාල් පැවසුවේ, තමන් අන්තර්ජාලය හෝ ජංගම දුරකථනයක් භාවිත නොකරන බව සත්‍යයක් යන්නයි.

පවුලේ කටයුතු සඳහා හෝ වෙනත් රටවල පුද්ගලයින් සමඟ කතා කිරීම සඳහා හැර තමන් දුරකථනයක් භාවිත නොකරන බව සඳහන් කළ ඔහු, තමන්ට තමන්ගේ කාර්යන් ඒ ආකාරයෙන් කළමනාකරණය කර ගැනීමට හුරුවී සිටින බවයි ඔහු පැවසුවේ.

අජිත් ඩෝවාල් ඉන්දියාවේ ජාතික ආරක්ෂක උපදේශක තනතුරට පත් පස්වන පුද්ගලයා වනවා.

කේරළ කේඩරයේ විශ්‍රාමික ඉන්දීය පොලිස් සේවයේ (IPS) නිලධාරියෙකු වන ඔහු දශක ගණනාවක් බුද්ධි අංශ, අභ්‍යන්තර ආරක්ෂාව සහ ත්‍රස්ත විරෝධී භූමිකාවන්හි නිරතව සිටි අයෙක්.

  1. අපේ බුද්ධි අංශ ඉරාන පලස්තීන පිටුබලය ලබන isis පාස්කු බෝම්බ අබු හින්ද් මොනවාද පාවිච්චි නොකරන්නේ ?? අණාවරණය ට isis පාස්කු බෝම්බ සත්‍ය එලිදැක්වීම රජයේ වගකීමය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සුරේෂ් සලේගේ දැන් තත්ත්වය නලින්ද හෙළිකරයි - ප්‍රශ්නයක් නෑ - හොඳට කනවා බොනවා
01:40
Video thumbnail
ගුවන්යානා මිලදී ගද්දි කොමිස් මුදල අනිවාර්යයිද ? අංගුලිමාලට සමාව දුන්නා වගේ සමාව දෙන්න පුළුවන්ද ?
01:36
Video thumbnail
අර්චුනාට වසර 20ට වැඩි සිර දඬුවම්..?
11:48
Video thumbnail
ජනපති කිව්ව "කොත්තමල්ලි"කතාව ගැන නලින්ද හෙළිකරයි - දේශීය වෙදකමට මුල් තැනද දුන්නේ ?
06:17
Video thumbnail
දැඩි විවේචන මැද 22ක සම්මත කරනවද ? ශ්‍රේෂ්ඨාධිකරණය විශ්වාස නිසානේ පෙත්සම් දුන්නේ
02:03
Video thumbnail
අනුරාධපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව උණුසුම් කළ ප්‍රශ්නය
09:19
Video thumbnail
රුමේෂ්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් රජය මැදිහත් වෙන්න සැරසෙයි - අපේ රටට ලොකු සම්පතක්
01:26
Video thumbnail
ඖෂධ හිඟය ගැන ඇමති නලින්ද පිළිතුරු දෙයි - ඔබ දැන් කියන්න කොහෙද ප්‍රශ්නය තියෙන්නේ කියලා ?
04:12
Video thumbnail
අධිකරණය දුන් රහසිගත තීන්දුව ජනාධිපතිවරයා දන්නේ කොහොමද..?
07:08
Video thumbnail
මේ ආණ්ඩුවට වඩා හොඳ කට්ටියක් සජබයේ ඉන්නවා
01:27