උඩදුම්බර භූකම්පනය දැනුණු ප්‍රදේශවලට අනතුරු ඇඟවීමක් (වීඩියෝ)

මහනුවර දිස්ත්‍රික්කයේ උඩදුම්බර ප්‍රදේශයේ ඊයේ (08) පස්වරුවේ සුළු භූ චලනයක් සිදුව තිබුණා.

එය රික්ටර් මාපකයේ ඒකක 2.2ක් ලෙස වාර්තා වී ඇති බව සඳහන්.

මඬුල්ල, කලවල, මහවල, උඩපිටවල, තේමණ්ඩිය, පපුකන්ද යන ප්‍රදේශවල ජනතාවට මෙම කම්පනය දැනී ඇති බවද වාර්තා වනවා.

මේ අතර පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ භූ විද්‍යා අධ්‍යයන අංශයේ හිටපු ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්න අනතුරු අඟවා සිටියේ භූ කම්පනය දැනුණු ප්‍රදේශවල නායයාම් තවදුරටත් ධෛර්යමත් කිරීමේ ඉඩකඩ පවතින බවයි.

ඒ, අනුව මෙම ප්‍රදේශවල ජීවත්වන ජනතාව විශේෂ අවදානයකින් පසුවන ලෙසයි මහාචාර්යවරයා සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
3
+1
0
+1
1
+1
4
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?