අමෙරිකාවෙන් ශ්‍රී ලංකාවට හෙළිකොප්ටර් දහයක්

ආපදා තත්ත්වයන්හි දී භාවිත කිරීම සඳහා අමෙරිකා එක්සත් ජනපදය විසින් හෙළිකොප්ටර් යානා 10ක් ශ්‍රී ලංකාවට ප්‍රදානය කිරීමට තීරණය කර තිබෙනවා.

ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති ජූලි චන්ග් සිය ‘X’ ගිණුමේ සටහනක් තබමින් සඳහන් කර ඇත්තේ, TH-57 (Bell 206 Sea Ranger) වර්ගයට අයත් මෙම හෙළිකොප්ටර්, ටෙක්සාස් ප්‍රාන්තයේ නිෂ්පාදනය කර ඇති යානා බවයි.

මෙම හෙළිකොප්ටර්, Excess Defense Articles (EDA) වැඩසටහන යටතේ, උපකරණ සඳහා කිසිදු වියදමක් නොමැතිව ශ්‍රී ලංකාවට හුවමාරු කෙරෙන අතර, එම යානා 2026 වසරේ මුල් භාගයේදී ශ්‍රී ලංකාවට පැමිණීමට අපේක්ෂිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
16
+1
0
+1
1
+1
1
+1
1
+1
1
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?