ඉන්දියානු යුද හමුදාධිපති නිල සංචාරයක් සඳහා දිවයිනට

ඉන්දු – ශ්‍රී ලංකා ද්විපාර්ශ්වික ආරක්ෂක සහයෝගීතාව ශක්තිමත් කිරීමේ අරමුණින් ඉන්දියානු යුද්ධ හමුදාධිපති ජෙනරල් උපේන්ද්‍ර ද්විවේදි ජ්‍යෙෂ්ඨ නිලධාරි නිල සංචාරයක් සඳහා ඊයේ (06) දින සිය භාර්යාව සුනීතා ද්විවේදි සමඟ දිවයිනට පැමිණියා.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධාන මේජර් ජෙනරාල් ඩී.කේ.එස්.කේ. දොලගේ සහ ශ්‍රී ලංකාවේ ඉන්දීය නියෝජ්‍ය මහ කොමසාරිස් ආචාර්ය සත්‍යංජල් පාණ්ඩේ විසින් ඉන්දියානු යුද්ධ හමුදාධිපති පිළිගනු ලැබුවා.

ඉන්දියානු යුද්ධ හමුදාධිපති සිය සංචාරය අතරතුරදී, ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් සහ රජයේ ඉහළ පෙළේ නිලධාරීන් හමුවී සාකච්ඡා පැවැත්වීමට නියමිතයි.

මෙම සාකච්ඡාවලදී පුහුණු සහයෝගීතාවය සහ කලාපීය ආරක්ෂක කරුණු කෙරෙහි අවධානය යොමු කරන අතර, දෙරටේ හමුදාවන් අතර වෘත්තීයමය සන්නිවේදනය තවදුරටත් ශක්තිමත් කිරීම සහ අන්‍යෝන්‍ය සහයෝගීතාවය ඉහළ නැංවීම මෙම හමුවීම්වල ප්‍රධාන අරමුණ වනවා .

යුද්ධ හමුදා මූලස්ථානයේ අධ්‍යක්ෂවරුන්, ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ නිලධාරීන් මෙන්ම ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ නිලධාරීන් රැසක් මෙම අවස්ථාවට සහභාගී වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඉතිහාසයේ කවදාවත් ජනතාව බලාගන්න පාලකයන් මැදිහත් වුණේ නෑ..අපි ඒක කරමින් ඉන්නේ
15:20
Video thumbnail
"අනුර ජනාධිපති සහෝදරයට ස්තූතියි.."ගිනි අවි නඩුවට ඇතුළට ගිය හිටපු අමාත්‍ය ඩග්ලස්ට ඇප..
01:46
Video thumbnail
තාජුඩීන් ඝා#නයේ වෙ#ඩි සුවඳ මට දැන් දැණුනා
03:05
Video thumbnail
රාජ්‍ය ලාංඡනයේ ධර්මචක්‍ර‍යත් වෙනස් කරලා - බුද්ධාගම විකෘති කරන්න හදන්නේ
10:39
Video thumbnail
චාමර සම්පත් හොඳම එකෙන් කියයි..ලාල් හොඳයි අඩියක් ග#ලා චූන් එකේ ඉන්න.."චණ්ඩියා කියලා හැමෝම කියන්නේ "
06:18
Video thumbnail
අර්චුනා පාර්ලිමේන්තුවේ යකා නටයි - අපරාදේ සල්ලි
01:56
Video thumbnail
අජිත් නැගිටිලා බිමල් එක්ක ගේම ඉල්ලයි
01:42
Video thumbnail
කවුද මට මේ රෙද්ද ඇන්දුවේ.. නාමල්ගේ කතාවෙන් හැමෝටම හිනා
07:08
Video thumbnail
හදුන්නෙත්තිගේ රතු කට්ට පනියි "ඒවා ගිහින් විපක්ෂයෙන්ම අහගන්න"
02:56
Video thumbnail
හරිනිව බේරාගන්න කවුරුත් නෑ.. දුකේ බෑ
08:34


?