ඉන්දියානු යුද හමුදාධිපති නිල සංචාරයක් සඳහා දිවයිනට

ඉන්දු – ශ්‍රී ලංකා ද්විපාර්ශ්වික ආරක්ෂක සහයෝගීතාව ශක්තිමත් කිරීමේ අරමුණින් ඉන්දියානු යුද්ධ හමුදාධිපති ජෙනරල් උපේන්ද්‍ර ද්විවේදි ජ්‍යෙෂ්ඨ නිලධාරි නිල සංචාරයක් සඳහා ඊයේ (06) දින සිය භාර්යාව සුනීතා ද්විවේදි සමඟ දිවයිනට පැමිණියා.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධාන මේජර් ජෙනරාල් ඩී.කේ.එස්.කේ. දොලගේ සහ ශ්‍රී ලංකාවේ ඉන්දීය නියෝජ්‍ය මහ කොමසාරිස් ආචාර්ය සත්‍යංජල් පාණ්ඩේ විසින් ඉන්දියානු යුද්ධ හමුදාධිපති පිළිගනු ලැබුවා.

ඉන්දියානු යුද්ධ හමුදාධිපති සිය සංචාරය අතරතුරදී, ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් සහ රජයේ ඉහළ පෙළේ නිලධාරීන් හමුවී සාකච්ඡා පැවැත්වීමට නියමිතයි.

මෙම සාකච්ඡාවලදී පුහුණු සහයෝගීතාවය සහ කලාපීය ආරක්ෂක කරුණු කෙරෙහි අවධානය යොමු කරන අතර, දෙරටේ හමුදාවන් අතර වෘත්තීයමය සන්නිවේදනය තවදුරටත් ශක්තිමත් කිරීම සහ අන්‍යෝන්‍ය සහයෝගීතාවය ඉහළ නැංවීම මෙම හමුවීම්වල ප්‍රධාන අරමුණ වනවා .

යුද්ධ හමුදා මූලස්ථානයේ අධ්‍යක්ෂවරුන්, ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ නිලධාරීන් මෙන්ම ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ නිලධාරීන් රැසක් මෙම අවස්ථාවට සහභාගී වුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
තම සැමියා වෙනුවෙන් අධිකරණයට ආ හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරණායක
00:52
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.07
07:22:45
Video thumbnail
ශිරන්ති ගේද්දි අධිකරණය අසලට කාන්තාවෝ එකතුවෙයි - "මැඩම්..ඩෝන්ට් වොරි..ඩෝන්ට් වොරි මැඩම්"
01:25
Video thumbnail
ඥානසාර හිමි ජම්පරේ ඇන්දා කියලා ඔප්පු කළොත් අපිත් ජම්පරේ අදිනවා - වැහුවේ එක කටයි
06:36
Video thumbnail
කාර් එකකින් ඇවිල්ලා පාරේ තිබ්බ කුණු බක්කියක් උස්සන් ගිය හැටි
00:18
Video thumbnail
සිවුර ගලවන එක ජවිපෙට ලොකු දෙයක් නෙමෙයි, ආගම ගැන කිසිම හැංගීමක් නෑ
03:02
Video thumbnail
ශිරන්ති රාජපක්ෂ අධිකරණයට රැගෙන යද්දි වෙච්ච දේ - "අපි ඉන්නවා මැඩම් වෙනුවෙන්..මැඩම්"
01:17
Video thumbnail
මහින්ද කහඳගම අපේ පක්ෂයේ නෑ - සාගර කිව්වේ බොරුවක්..?
04:44
Video thumbnail
ඥානසාර හිමිට නව සිවුරක්
00:29
Video thumbnail
අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට ගත් හිටපු ඇමති රෝහිත අධිකරණයට
01:05