බංගලාදේශය කළ ඉල්ලීම ජ්‍යාත්යන්තර ක්‍රිකට් කවුසිලය ඉවත දමයි

විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලියේ බංගලාදේශය ක්‍රීඩා කරනු ලබන තරග සියල්ල ඉන්දියාවේ නොපවත්වා සම සත්කාරකත්වය දරන ශ්‍රී ලංකාවේ පවත්වන ලෙසට බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය විසින් ජ්‍යාත්යන්තර ක්‍රිකට් කවුසිලය වෙත ඉල්ලීමක් කර තිබුණා.

කෙසේ වෙතත් බංගලාදේශ ක්‍රිකට් ආයතනය විසින් කර තිබූ එම ඉල්ලීම ජ්‍යාත්‍යන්තර ක්‍රිකට් ආයතනය විසින් ප්‍රතික්ෂේප කර ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඉන්දියාව සහ බංගලාදේශය අතර නිර්මාණය වී ඇති මතබේදාත්මක තත්ත්වය හමුවේ ඉන්දීය ප්‍රිමියර් ලීගයෙන් බංගලාදේශ වේග පන්දු යවන ක්‍රීඩක මුස්තාෆිසුර් රහ්මාන් ඉවත් කළ අතර සහ ඉන්දීය ප්‍රිමියර් ලීගය බංගලාදේශය තුළ විකාශනයද තහනම් කරනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
11
+1
6
+1
52
+1
5
+1
5
+1
2
+1
10
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?