දිස්ත්‍රික්ක හතරක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයකට නායයෑමේ අනතුරු ඇඟවීම්

ඇඳහැලෙන වර්ෂාපතනයත් සමඟ දිස්ත්‍රික්ක හතරක් සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ ජ්‍යෙෂ්ඨ භූවිද්‍යාඥ ආචාර්ය වසන්ත සේනාධීර සඳහන් කළේ මහනුවර දිස්ත්‍රික්කයේ උඩුදුම්බර, මාතලේ දිස්ත්‍රික්කයේ විල්ගමුව සහ නුවරඑළිය දිස්ත්‍රික්කයේ වලපනේ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා අදියර 02 යටතේ නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බවයි.

ඊට අමතරව බදුල්ල දිස්ත්‍රික්කයේ හාලිඇල, බදුල්ල, පස්සර, ලුණුගල සහ වැලිමඩ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහාත්, මහනුවර දිස්ත්‍රික්කයේ දොළුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය, මාතලේ දිස්ත්‍රික්කයේ අඹන්ගඟ කෝරළේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය, නුවරඑළිය දිස්ත්‍රික්කයේ මතුරට, නිල්දණ්ඩාහෙන සහ හඟුරන්කෙත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයටත් අදියර 01 යටතේ නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත්කර තිබෙනවා.

මේ අතර පසුගිය මාසයේ ලැබුණු වර්ෂාපතනයත් සමඟ නායයාමේ පූර්ව ලක්ෂණ බොහෝ ප්‍රදේශවල මතුව ඇති බවයි ආචාර්ය වසන්ත සේනාධීර සඳහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අධිකරණයට බාධාවෙන ලෙස විපක්ෂය දැවැන්ත මඩ ප්‍රහාරයක් එල්ල කළා - විපක්ෂයට වැලේ වැල් නැතිවුණා
04:09
Video thumbnail
දවස් 3ක් තිස්සේ තෙල් නෑ - අනුරාධපුර මිනිස්සු අමාරුවේ වැටෙයි
01:13
Video thumbnail
බදුල්ල කතරගම දේවාලයේ අලි කුලප්පුවක්
01:27
Video thumbnail
ජානකී නාමල්ට රු මිලියන 70ක් දුන්නා ද..?
17:30
Video thumbnail
ඇස යොමන තැනක ගීතය අදින් පස්සේ මම ගායනා කරන්නේ නෑ - අජිත් මුතුකුමාරණ ලයිව් ඇවිත් හෙළිකළ දේ
07:06
Video thumbnail
ඔක්සිජන් කන්නද කිව්ව සමාජයක් තිබුණේ - වැවක් පේන්න බෑ දේශපාලකයෝ හෝටල් ගහනවා
04:47
Video thumbnail
මේ ආණ්ඩුව නාමල්ට හොඳටම බයවෙලා ඉන්නේ
01:37
Video thumbnail
ජනපති යද්දි තුවක්කු එකතු කළේ ගිනිපෙට්ටිවලින් බෝම්බ ග#නවා කිව්ව නිසාද ?
01:36
Video thumbnail
අර්චුනා හදිසියේම ලයිව් ඇවිත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කරයි
09:44
Video thumbnail
පුස් බැදුණු කෑම විකුණන තලවතුගොඩ සුපිරි වෙළඳසැල..මෙන්න පැටිකිරිය එළියට
05:29