“ගාල්ලේ නැව ඇවිල්ලා තල්මහ උඩ යන්නේ” – සමාජ මාධ්‍යයේ එල්ල වූ චෝදනාවට නාවික හමුදාව පොලිසි යයි

ගාල්ල – මිරිස්ස මුහුදු ප්‍රදේශයේ දී නාවික හමුදා යාත්‍රාවක් තල්මසකුගේ ශරීරය මතින් ගමන් කළ බවට චෝදනා කරමින් පුද්ගලයෙක් වීඩියෝවක් සමාජ මධ්‍යවෙත පසුගියදා එක්කර තිබුණා.

අසැබි වචන පාවිච්චි කරමින් බැන වදින එම පුද්ගලයා විසින් නාවික හමුදාවට සිදුකරන බරපතළ චෝදනාව පිළිබඳ විමර්ශන කිරීමට ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ගාල්ල පොලිසියට ඊයේ (04) පැමිණිල්ලක් සිදුකළ බවයි නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කමාන්ඩර් බුද්ධික සම්පත් පැවසුවේ.

තල්මසුන් නැරඹීමට සංචාරකයින් රැගෙන යන ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත් මගී යාත්‍රාවක් පසුගිය සෙනසුරාදා (03) මිරිස්ස මුහුදු ප්‍රදේශයේ තල්මසෙකුගේ ශරීරය මතින් ගමන් කළ බවට චෝදනා කර බැන වඳිමින් පුද්ගලයෙක් වීඩියෝවක් සමාජ මාධ්‍ය වෙත එක්කර තිබුණා.

මේ සම්බන්ධයෙන් දසත නිවුස් ශ්‍රී ලංකා නාවික හමුදාවෙන් සිදුකළ විමසීමක දී නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ ඩොල්ෆින් මසුන්, තල්මසුන් පමණක් නොව කැස්බෑවුන් පවා නාවික හමුදාව මගින් මුදාගත් අවස්ථා ඇති බවත්, සමුද්‍ර ජීවීන් සහ සමුද්‍රය ආරක්ෂාවන පරිදි කටයුතු කිරීමට සෑම අවස්ථාවකම වගකීමෙන් යුතුව කටයුතු කරන හමුදාවක් බවයි.

තල්මසකු මතින් යාත්‍රාව ධාවනය කරවූ බවට එම පුද්ගලයා පැවැසුවත්, ඔහු සිටි බෝට්ටුවේ කිසිදු විදෙස් සංචාරකයකුගේ හැසිරීමක වෙනසක් හෝ ප්‍රතිචාරයක් දක්නට නොලැබෙන බවත්, අදාළ චෝදනාව පිළිබඳ විමර්ශනයක් ඉල්ලා පොලිසියේ පැමිණිල්ලක් ගොනු කිරීමට මෙලෙස කටයුතු කළ බවයි නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

  1. තල්මසුන්ට ආදරය කරන, උන්ගෙන් ජීවත් වෙන, අවුරුදු ගානක් අත්දැකීම් තීන කෙනෙක්ට ඇති වෙන හැහීම තමයි ඔය එලියට ආවෙ. සුද්දෝන්ට ඕක තේරුම් ගන්න බෑ. උන් එන්නේ එක පාරයි. එ කොල්ලා කරන දේ හරි

    • උබ දන්න පුක ..මුහුදෙ ඉදන් පේන විදියයි..වෙරළෙ ඉදන් පේන විදියයි වෙනස්. ඔතන උන්ට තියෙන බය වෙන මුකුත් නෙවෙ. .නාවික හමුදාව ආවට පස්සෙ ඔතන ඉන්න මාෆියා කාරයින්ට ඕනි ඔනි ගනන් වලට සුද්දන්ට දෙන්න බෑ



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අනුරාධපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව උණුසුම් කළ ප්‍රශ්නය
09:19
Video thumbnail
රුමේෂ්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් රජය මැදිහත් වෙන්න සැරසෙයි - අපේ රටට ලොකු සම්පතක්
01:26
Video thumbnail
ඖෂධ හිඟය ගැන ඇමති නලින්ද පිළිතුරු දෙයි - ඔබ දැන් කියන්න කොහෙද ප්‍රශ්නය තියෙන්නේ කියලා ?
04:12
Video thumbnail
අධිකරණය දුන් රහසිගත තීන්දුව ජනාධිපතිවරයා දන්නේ කොහොමද..?
07:08
Video thumbnail
මේ ආණ්ඩුවට වඩා හොඳ කට්ටියක් සජබයේ ඉන්නවා
01:27
Video thumbnail
හැටන් බස් නැවතුම්පොළට ෆුල් සුද්දයක් දෙයි - අස්සක් මුල්ලක් නෑරම පිරිසිදු කරයි
01:13
Video thumbnail
වස්කඩුවේදී පෞද්ගලික බස් රථයක් - ත්‍රීවිල් රථයක් ගැටී බිහිසුණු අනතුරක් - ත්‍රීවිල් රියදුරුට බරපතළයි
01:02
Video thumbnail
මේ ආණ්ඩුවත් ව්‍යාපාරිකයින්ට යටවෙලාද ?නිදහසේ කරපු අපේ රැකියාව අද නැතිවෙන්න යන්නේ
06:48
Video thumbnail
නියඟය ලෙෆ්ට්.. ගංවතුරට සූදානම් වෙන්න
06:49
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.15
56:08