වෙනිසියුලා ජනාධිපති සහ බිරිඳ වහාම නිදහස් කරන්නැයි චීනය ඇමරිකාවෙන් ඉල්ලයි

වෙනිසියුලා ජනාධිපති නිකොලස් මදුරෝ සහ ඔහුගේ ආර්යාවගේ පෞද්ගලික ආරක්ෂාව සහතික කරන ලෙසත් ඔවුන් වහාම නිදහස් කරන ලෙසත් චීනය ඇමරිකාවෙන් ඉල්ලා සිටින බව චීන විදේශ කටයුතු අමාත්‍යාංශය පවසනවා.

වෙනිසියුලා ජනාධිපති නිකොලස් මදුරෝ සහ ඔහුගේ ආර්යාව බලහත්කාරයෙන් රඳවා තබාගනිමින් වෙනිසියුලාවෙන් පිටත් කිරීම සඳහා ඊයේ (03) ඇමරිකානු හමුදා යෙදවීමත් සමග චීනය මේ අදහස් පළ කර තිබෙනවා.

අද පැවති මාධ්‍ය හමුවකදී චීන විදේශ අමාත්‍යාංශය අවධාරණය කර ඇත්තේ, ඇමරිකාව වෙනිසියුලා ජනාධිපතිවරයා සහ ඔහුගේ ආර්යාව බලහත්කාරයෙන් රඳවා තබා ගැනීම සහ ඔවුන් පිටුවහල් කිරීම කෙරෙහි චීනය දැඩිව අවධානය යොමු කරන බවයි.

ඇමරිකාවේ ක්‍රියාමාර්ග පැහැදිලිවම ජාත්‍යන්තර නීතිය සහ ජාත්‍යන්තර සබඳතාවල මූලික සම්මතයන් මෙන්ම එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියේ මූලධර්ම උල්ලංඝනය කරන බව ද චීනය මෙහිදී පෙන්වා දී තිබෙනවා.

එමෙන්ම වෙනිසියුලානු රාජ්‍ය පාලනය පෙරලා දැමීමට දරණ උත්සාහයන් නවතා සංවාදයෙන් හා සාකච්ඡා මාර්ගයෙන් ගැටලුව විසඳා ගන්නා ලෙස චීනය ඇමරිකාවෙන් ඉල්ලා සිටින බව චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශකවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
10
+1
0
+1
10
+1
0
+1
4
+1
0
+1
3
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?