වෙනිසියුලා ජනාධිපති සහ බිරිඳ වහාම නිදහස් කරන්නැයි චීනය ඇමරිකාවෙන් ඉල්ලයි

වෙනිසියුලා ජනාධිපති නිකොලස් මදුරෝ සහ ඔහුගේ ආර්යාවගේ පෞද්ගලික ආරක්ෂාව සහතික කරන ලෙසත් ඔවුන් වහාම නිදහස් කරන ලෙසත් චීනය ඇමරිකාවෙන් ඉල්ලා සිටින බව චීන විදේශ කටයුතු අමාත්‍යාංශය පවසනවා.

වෙනිසියුලා ජනාධිපති නිකොලස් මදුරෝ සහ ඔහුගේ ආර්යාව බලහත්කාරයෙන් රඳවා තබාගනිමින් වෙනිසියුලාවෙන් පිටත් කිරීම සඳහා ඊයේ (03) ඇමරිකානු හමුදා යෙදවීමත් සමග චීනය මේ අදහස් පළ කර තිබෙනවා.

අද පැවති මාධ්‍ය හමුවකදී චීන විදේශ අමාත්‍යාංශය අවධාරණය කර ඇත්තේ, ඇමරිකාව වෙනිසියුලා ජනාධිපතිවරයා සහ ඔහුගේ ආර්යාව බලහත්කාරයෙන් රඳවා තබා ගැනීම සහ ඔවුන් පිටුවහල් කිරීම කෙරෙහි චීනය දැඩිව අවධානය යොමු කරන බවයි.

ඇමරිකාවේ ක්‍රියාමාර්ග පැහැදිලිවම ජාත්‍යන්තර නීතිය සහ ජාත්‍යන්තර සබඳතාවල මූලික සම්මතයන් මෙන්ම එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියේ මූලධර්ම උල්ලංඝනය කරන බව ද චීනය මෙහිදී පෙන්වා දී තිබෙනවා.

එමෙන්ම වෙනිසියුලානු රාජ්‍ය පාලනය පෙරලා දැමීමට දරණ උත්සාහයන් නවතා සංවාදයෙන් හා සාකච්ඡා මාර්ගයෙන් ගැටලුව විසඳා ගන්නා ලෙස චීනය ඇමරිකාවෙන් ඉල්ලා සිටින බව චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශකවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර තිබෙනවා.

  1. ලෝකේ ලොකුම තෙල් නිඳියකට කෙල.හල හල ඉන්න ඇමරිකාව ලේසියෙන් අතාරින්නෙ නෑ චීන්නු කිව්ව පලියට.ඇම්‍රිකන් බ්‍රිතාන්‍ය උන් බලයට ධනයට කෑදර උන්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56