බීලා වාහන පදින අය අල්ලන්න පරීක්ෂණ කට්ටල් සියලු පොලිස් ස්ථානවලට බෙදා දී තිබෙනවා – පොලිස් මාධ්‍ය ප්‍රකාශක

මත්ද්‍රව්‍ය සහ මත්පැන් භාවිතයෙන් වාහන පදවන රියදුරන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය සියලුම ආම්පන්න සහ පරීක්ෂණ කට්ටල් සියලු පොලිස් ස්ථානවලට බෙදා දී ඇති බවට පොලිස් මාධ්‍ය ප්‍රකාශක එෆ්.යූ.කේ. වුට්ලර් පවසනවා.

2026 වසරේදී මාර්ග ආරක්ෂාව සහ රථ වාහන අනතරු සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලිසිය විසින් ක්‍රියාත්මක කරනු ලබන විශේෂ සැලැස්මක් පිළිබදව දැනුවත් කරමින් මාධ්‍ය වෙත ඔහු මේ බව පවසා සිටියා.

වාර්තා වන මාර්ග අනතුරු සම්බන්ධයෙන් විශ්ලේෂණ කිරීමේදී එම අනතුරු සඳහා වැඩි වශයෙන් බලපානු ලබන්නේ රියදුරන්ගේ මානසික හේතූන් බවත් රථ වාහන වල පවතින කාර්මික දෝෂ හේතුවෙන් ද අනතුරු බොහොමයක් සිදුවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා.

එමෙනම් සමස්ත පොලිස් කොට්ඨාස 48 සඳහාම වේග මාපක ලබා දී ඇති බවත් ඒ අනුව නිතිය තදින් ක්‍රියාත්මක වන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක එෆ්.යූ.කේ. වුට්ලර් පවසනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?