මහනුවර දිසාපති කාර්යාලයට ලැබුණු ව්‍යාජ ඊමේල් පණිවිඩය ගැන පරිඝණක අපරාධ විමර්ශන අංශය විමර්ශන අරඹයි

මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පුපුරණ ද්‍රව්‍ය ඇති බවට ලද ව්‍යාජ තොරතුර පිළිබඳව විමර්ශන, පරිඝණක අපරාධ විමර්ශන අංශය මගින් සිදුකරන බව පොලිසිය පවසනවා.

එම තොරතුර යම්කිසි මහජන කැළඹීමක් ඇතිකිරීමට ගත් උත්සහයක් බවට පොලිසිය සැක කරනු ලබනවා.

මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ඊමේල් ලිපිනයට (26) පෙරවරුවේ ඊමේල් පණිවිඩයක් මගින් මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ස්ථාන 05 ක බෝම්බ සඟවා ඇති බවට පණිවිඩයක් ලැබී තිබුණා.

ඒ සම්බන්ධයෙන් මහනුවර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාට කරන ලද දැනුම්දීමක් මත මහනුවර පොලිස් ස්ථානයේ නිලධාරීන්, පොලිස් නිල සුනඛ කොට්ඨාසය, පොලිස් විශේෂ කාර්ය බලකා බෝම්බ නිෂ්ක්‍රීය අංශය සහ යුද හමුදා බෝම්බ නිෂ්ක්‍රීය අංශයේ නිලධාරීන් කැඳවා විශේෂ සෝදිසි මෙහෙයුමක් දියත් කරනු ලැබුවා.

මෙම සෝදිසි මෙහෙයුම් ඊයේ (26) පෙරවරුවේ සිට සවස් කාලය වන තුරු ක්‍රියාත්මක කළ අතර එහිදී සැකකටයුතු කිසිදු පුපුරණ ද්‍රව්‍යයක් හමු නොවූ බවයි පොලිසිය පැවසුවේ.

කෙසේ වෙතත් මෙම තත්ත්වය මත මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දෛනික කටයුතුවලට බාධා එල්ල වූ අතර, එම කාර්යාලයේ සේවකයින් බොහෝ පිරිසක් නිවාඩු දමා කල්වේලා ඇතිව නිවෙස් බලා පිටත්ව ගොස් තිබුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56
Video thumbnail
මේ ඵාපකර්මයට කවුරුත් හවුල් වෙන්න එපා - ජනමත විචාරණයෙන් ආණ්ඩුවට අන්ත පරාජයක් දෙන්න පුළුවන්
04:02