මහනුවර දී තරග පැවැත්වීම ගැන රග්බි කවුන්සිලයෙන් තීරණයක්

පසුගියදා මහනුවර නිත්තවෙල ක්‍රීඩාංගණයේ පැවැත්වුණු මහනුවර කණ්ඩායම සහ සී.එච්. ඇන්ඩ් එෆ්.සී. කණ්ඩායම් අතර තරගයෙන් අනතුරුව ඇති වූ තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡාවක් අද (26) ශ්‍රී ලංකා රග්බි කවුන්සිලයේ පැවැත්වුණා.

තරගය අවසානයේ ලකුණු සංඛ්‍යාව සමවීම නිසා තරගය නැරඹීම සඳහා පැමිණි ප්‍රේක්ෂකයින් විසින් විනිසුරුවන්ට සහ සී.එච්. ඇන්ඩ් එෆ්.සී. කණ්ඩායමේ ක්‍රීඩකයින්ට හිරහැර වන අන්දමින් හැසිරීම සම්බන්ධයෙන් අද මෙලෙස සාකච්ඡා කළ බව ශ්‍රී ලංකා රග්බි සංගමයේ සභාපති පවිත්‍ර ප්‍රනාන්දු මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා සිටියා.

එහිදී වැඩිදුරත් අදහස් දක්වමින් ඔහු කියා සිටියේ ඇති වූ තත්ත්වයත් සමඟ මින් ඉදිරියට මහනුවර ක්‍රීඩාංගණයේ යළි තරග පැවැත්වීමට නම් තරගයේ සත්කාරකත්වය දරන මහනුවර කණ්ඩායම විසින් තරග පැවැත්වීමට සුදුසු වන පරිදි ආරක්ෂක වැඩපිළිවෙළක් ඉදිරිපත් කළ යුතු බවත් එම වැඩපිළිවෙල සලකා බලා තරග පැවැත්වීම සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බවයි.

එසේ නොවන්නේ නම් මහනුවරදී යළිත් තරග නොපැවැත්වීමට හෝ ප්‍රේක්ෂකයින්ගේ සහභාගීත්වයෙන් තොරව තරග පැවැත්වීමට තීරණය කරන බවත් ශ්‍රී ලංකා රග්බි සංගමයේ සභාපති සඳහන් කර සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සද්දේ දාගෙන කුරුඳුවත්තේ සෙල්ලම් දැම්ම සැප රියක් පොලිසියට කොටු
01:18
Video thumbnail
සද්දේ දාගෙන කුරුඳුවත්තේ සෙල්ලම් දැම්ම සැප රියක් පොලිසියට කොටු - සුනඛයන් දාලා පරික්ෂා කරයි
02:22
Video thumbnail
වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන සිදුවූ අනතුරකින් 07ක් රෝහලේ - අධිබලැති කණුවකුත් කඩාගෙන ගිහින්
01:30
Video thumbnail
සෙවනගල සීනි කර්මාන්තශාලාව ගැන සභාපතිගෙන් හෙළිදරව්වක් - කඩාකප්පල්කාරි වැඩ කරන්න එපා
07:55
Video thumbnail
යාපහුව රාජධානිය ප්‍රතිනිර්මාණය කරන්න රජයෙන් මුදල් වෙන් කළා - කෞතුකාගාරයක් දාන්න නියමිතයි
05:10
Video thumbnail
සජිත් හෙළිකරපු ආණ්ඩුවේ ගිනස් වාර්තාව - මේ ආණ්ඩුව සම්මානලාභී බොරුකාරයෝ
04:51
Video thumbnail
පිටි මිල වැඩි කිරීම නිසා මිනිස්සුන්ට යකා නගියි - බැරිනම් දමලා පලයල්ලා..ආණ්ඩුවක් නෙවෙයි පාන්ඩුවක්
03:33
Video thumbnail
තිරිඟු පිටි මිල ඉහළ යෑම ගැන වෙළෙඳ නියෝජ්‍ය ඇමති මාධ්‍යට හෙළිකල දේ - වැඩි වෙන්න හේතු කිහිපයක් තියෙනවා
03:58
Video thumbnail
ඡන්දයට කළින් තුන්වේලම හිටියේ චැනල් ඉස්සරහා..එතකොට දිරෙව්වා - ජනතාවට දැන් ආණ්ඩුව දිරවන්නේ නෑ
01:09
Video thumbnail
කිසිදු රාජ්‍ය නායකයෙක් මේ ව්‍යාපෘතියට මෙච්චර උදව් කළේ නෑ - හිමි නමක් ජනපතිට ප්‍රශංසා කරයි
04:41