මහනුවර දිස්ත්‍රික් ලේකම්වරයාගේ ඊ මේල් ලිපිනයට අද (26) දින ඊ මේල් පණිවිඩයක් මගින් මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ස්ථාන 05 ක බෝම්බ සඟවා ඇති බවට ලද පණිවිඩයක් සම්බන්ධයෙන් මහනුවර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාට කරන ලද දැනුම් දීමක් මත මහනුවර පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් මේ සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය විසින් නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.
ඒ අනුව මේ සම්බන්ධව සෝදිසි මෙහෙයුමක් ක්‍රියාත්මක අතර ඒ සඳහා පොලිස් නිල සුනඛ කොට්ඨාසය, පොලිස් විශේෂ කාර්ය බලකා බෝම්බ නිෂ්ක්‍රීය අංශය හා යුද හමුදා බෝම්බ නිෂ්ක්‍රීය අංශයද කැඳවා ඇති බවයි වාර්තා වන්නේ.
මෙතෙක් සිදු කරන ලද සෝදිසි මෙහෙයුම් වලදී කිසිදු පුපුරණ ද්‍රව්‍යක් හමු වී නොමැති බව පොලිසිය විසින් තහවුරු කරන අතර
සෝදිසි මෙහෙයුම් කටයුතු තවදුරටත් ක්‍රියාත්මකව බව ද එම නිවේදනයේ සඳහන්.














