ආපදාවට ලක්වූවන්ට රජයෙන් ලබාදෙන දීමනාවල නවතම ප්‍රගතිය

අයහපත් කාලගුණය හේතුවෙන් බලපෑ ආපදා තත්ත්වයෙන් සුරක්ෂිත මධ්‍යස්ථාන 427ක පවුල් 12,311ක් මේ වනවිටත් රැඳී සිටින බව ආරක්ෂක අමාත්‍යංශයේ ආපදා කළමනාකරණ අංශයේ අතිරේක ලේකම් කේ.ජී. ධර්මතිලක පවසනවා.

මාධ්‍ය හමුවක් පවත්වමින් අතිරේක ලේකම්වරයා සඳහන් කළේ ආපදාවට ලක්වූවන් වෙනුවෙන් ලබාදෙන රුපියල් 25,000 අත්තිකාරම් මුදල ලබාගැනීමට පවුල් 456,846 සුදුසුකම් ලබා ඇති බවයි.

ඉන් පවුල් 372,447ක් සඳහා එම අත්තිකාරම් මුදල මේ වනවිටත් ගෙවා අවසන් කර ඇති බවයි අතිරේක ලේකම්වරයා සඳහන් කළේ.

එමෙන්ම රජය විසින් ගෙවනු ලබන රුපියල් පනස්දහසේ දීමනාව පවුල් 3,665ක් සඳහා ගෙවා අවසන් කර ඇති බව සඳහන් කළ ඔහු එම දීමනාව ලබා ගැනීම වෙනුවෙන් පවුල් 147,628ක්‌ සුදුසුකම් ලබා සිටින බවයි පැවසුවේ.

මේ අතර පාසල් ළමුන් සඳහා ගෙවනු ලබන රුපියල් 15,000 දීමනාව ලබාගැනීමට ළමුන් 211,614ක් සුදුසුකම් ලබා සිටින බව සඳහන් කළ ඔහු මේ වනවිටත් ළමුන් 3000 කට ආසන්න පිරිසකට ගෙවා ඇති බවයි සඳහන් කර සිටියේ.

මෙම දීමනාව දෙසැම්බර් මස 31ට පෙර ගෙවා අවසන් කිරීම අරමුණ බව ද අතිරේක ලේකම් කේ.ජී. ධර්මතිලක පැවසුවා.

මේ අතර විදෙර්ශයන්ගෙන් ලැබෙන විදේශ ආධාර ආපදාවන්ට ලක්වූවන්ට බෙදාදීමට විශේෂ වැඩපිළිවෙලක් රජය විසින් සිදුකරගෙන යන බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56