Update – බෝම්බ තර්ජනයක් ගැන මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට යළිත් ඊමේල් එකක්

මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රයේ බෝම්බයක් ඇති බවට, යළිත් වරක් විද්‍යුත් පණිවිඩයක් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ නිල විද්‍යුත් තැපැල් ලිපිනයට ලැබී තිබෙනවා.

මෙම විද්‍යුත් පණිවිඩය සමඟ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ යම් නොසන්සුතාවක් හටගෙන තිබූ අතර, සේවකයින් විශාල පිරිසක් නිවාඩු දමා පිටව ගොස් ඇති බවයි වාර්තා වුණේ.

දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රයේ බෝම්බයක් ඇටවූ වාහනයක් නතර කර ඇති බවට ලද විද්‍යුත් පණිවිඩයක් අද (26) පෙරවරුවේ එම කාර්යාලයේ නිල විද්‍යුත් තැපැල් ලිපිනයට ලැබී තිබූ අතර, ඒ සමඟ ආරක්ෂක අංශ කැඳවා විශේෂ සෝදිසි මෙහෙයුමක් ආරම්භ කළා.

පැය දෙකකට වැඩි කාලයක් එම මෙහෙයුම් ක්‍රියාත්මක කෙරුණු අතර, බෝම්බ නිෂ්ක්‍රීය අංශය, පොලිස් නිල සුනඛ කොට්ඨාසය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය මෙම මෙහෙයුම සඳහා එක්ව සිටියා.

එහිදී කාර්යාල පරිශ්‍රයේ නවතා තිබූ සියලුම වාහන දැඩි සෝදිසි කිරීමකට ලක්කර අතර, පසුව අදාළ විද්‍යුත් පණිවිඩය ව්‍යාජ එකක් බවට පොලිසිය තහවුරු කරගත්තා.

කෙසේ වෙතත් එවැනිම පණිවුඩයක් දෙවන වරටත් ලැබීමෙන් පසු ආරක්ෂක අංශ එහි කැඳවා මේ වනවිට සෝදිසි මෙහෙයුම් ආරම්භ කර ඇති බවයි වාර්තා වුණේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56
Video thumbnail
මේ ඵාපකර්මයට කවුරුත් හවුල් වෙන්න එපා - ජනමත විචාරණයෙන් ආණ්ඩුවට අන්ත පරාජයක් දෙන්න පුළුවන්
04:02
Video thumbnail
අජිත්ගෙන් ආණ්ඩුවට අභියෝගයක් - පැරදෙනවා කියලා බය හින්දා මේ කියවන්නේ
04:56
Video thumbnail
මල්වෙඩි දාලා නාමල්ව වේදිකාවට ගෙනෙයි
00:57
Video thumbnail
CTB බසයක් ලොරි රථයක වැදී බිහිසුණු අනතුරක්
00:42
Video thumbnail
ජාතියේ යශෝරාවයේ අවසන් සුසුමත් වාතලයට මුසුවූ මොහොත
01:35
Video thumbnail
ශිරන්ති රාජපක්ෂගේ අත අල්ලගෙන සුනිල් කිව්ව දේ
01:48
Video thumbnail
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කළ ප්‍රබල කතාව - විනිශ්චය අතර වෙනසක් වුණොත් විවේචන එන්නේ අපිට
09:13
Video thumbnail
මුළු රටක්ම හඬවා දැයෙන් සමුගත් නන්දා මාලනිය - සමුදෙන්න කලාකරුවන් රැසක් එයි
05:12
Video thumbnail
ජාතියේ යශෝරාවයේ අවසන් සුසුමත් වාතලයට මුසුවූ මොහොත - නන්දා මාලනිය ඔබට සුබ ගමන්..!!
03:35