ෂැංග‍්‍රිලා වෙඩින් ගත්තේ, පියුමිට ඇදුම් ගිහින් දුන්නේ ඇමතී සරත් වීරසේකරගේ පුතාද..?

නිරෝධායනයට ලක්කර සිටින නිරූපණ ශිල්පිනී පියුමි හන්සමාලීගේ ඇදුම් බෑගයත් එම නිරෝධායන මධ්‍යස්ථානය ගෙනගොස් දුන්නේ තම පුත්‍රයා නොවන බව මහජන ආරක්ෂක ඇමති සරත් වීරසේකර මහතා සඳහන් කරයි.

ඔහු සඳහන් කරන්නේ පියුමි හන්සමාලි කියන ආකාරයට ඇයට ඇඳුම් ගෙනත් දී ඇත්තේ ඇයගේ නිවස ළඟ වෛද්‍යවරයෙකු බවයි.

තම පවුල පදිංචි සිටින්නේ ඇයගේ නිවස අසල නොවන බවත් තම පුත්‍රයා ඇය හඳුන්වන්නේවත් නැති බවත් මෙම ප්‍රචාරයන් මඩ පමණක් බවද ඇමැතිවරයා පවසා සිටියි.

තම පුත්‍රයා ගේ විවාහ මංගල්‍යය ෂැංග්‍රිලා හෝටලයේ පැවැත්වූ බවට පළ වන වාර්තාද අසත්‍ය යයිද ඔහු සඳහන් කරයි.

කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් මංගල උත්සව පැවැත්වීම තහනම් බවත් තම පුත්‍රයා ගේ විවාහ ගිවිස ගැනීම පමණක් පැවති බවත් සඳහන් කරන ඔහු එය පැවතුණේ ද පවුලේ සාමාජික සහභාගිත්වයෙන් පමණක් තම නිවසේ බව ද ඔහු කියා සිටියි.

පියුමි හංසමාලි තමන් හඳුන්වන්නේ වත් නැති බවත් පසුගිය දෙවැනි දා නීතිඥවරයෙකු තමන් අමතා නිරෝධායන මධ්‍යස්ථානයට ගෙන යන පිරිසගේ ඇඳුම් පැළඳුම් ගෙන යාමට අවස්ථාව දෙන ලෙස ඉල්ලා සිටි බවත් ඉන් පසුව පියුමි හංසමාලි නම් කාන්තාවක් තමන්ට ඇමතුමක් ලබාගෙන එම ඉල්ලීමම කළ බවද ඔහු සඳහන් කරයි.

මහජන නියෝජිතයකු ලෙස ඒ සඳහා අවස්ථාවක් ලබාදීමට කටයුතු කළ බවත් ඒ හැර වෙනත් කිසිම උපදේශයක් නොදුන් බවත් ඔහු තව දුරටත් පැවසීය.

  1. අනේ අපේ රටට වෙච්ච දෙයක්……මේ මෝඩකම් වල ඵලවිපාක විදින්න වෙන්නෙ අනාගත පරපුරට…..මේ ගෙවන තත්පරයක් ආයෙ එන්නෙ නැහැ…..රටට මෙවන් විපත්..පන අදින රෝගීන්…මේ බහුබූත නිර්මාණය කරන උන්ට කවදාහෝ විදවන්නට වේවි…මේ රටට කරන විනාශයට

  2. සරත් වීරසේකර ගෙන තිබූ ගෞරවය ආදරය , මේ ඊයෙ පෙරෙදා කරපු පාහර නොහොබිනා ක්‍රියාව නිසා නැතිව ගියා, ගනිකාවකට ගිජුවී . නිරෝදායන නීති කැඩූ ගනිකාවක් වෙනුවෙන් කල අධම ක්‍රියාව, සහ ඔහුගෙ පුතා ලවා , නිරොධායන නීති කඩමින් ගනිකාවන්ට යට ඇන්දුම් ප්‍රවාහනය කරවපු සරත් වීරසේකරගෙ නියම ස්වබාවය මතුවී තියෙන්නෙ දෙන් ,ඔහු වරද කර නැත්නම් . ඒ ඔහුගෙ පුතා නෙමෙනෙම් . ඔහුට පුලුවන් පොලීසිය ලවා ඒ දොස්තර සහ ඌගෙ ගෙනිව සොයා, නීතියෙන් කරන කටයුතු කර පෙන්වන්න , එය ප්‍රමාද වන්නෙ , එහි සෙකයක් ඇති නිසා