කුසල් මෙන්ඩිස්ගේ BPL පුහුණුකරු හදිසියේම පුහුණුවීම් අතහැර ක්‍රීඩාංගණයෙන් පිටව යයි

බංගලාදේශ ප්‍රිමියර් ලීගය හෙවත් BPL විස්සයි විස්ස තරගාවලිය, බංගලාදේශ ක්‍රීඩකයින් මෙන්ම විදෙස් ක්‍රිකට් තරු රැසකගේ සහභාගීත්වයෙන් හෙට (26) බංගලදේශයේදී ආරම්භ වීමට නියමිතයි.

මෙවර තරගාවලිය සඳහා කණ්ඩායම් 06ක් එක්වන අතර හෙට දිනයේදී ආරම්භක දිවා තරගය ලෙස සිල්හෙට් ටයිටන්ස් සහ රාජ්ෂාහි වොරියර්ස් තරග වදින අතර රාත්‍රී තරගය ලෙස නොකාලි එක්ස්ප්‍රස් සහ චැටෝග්‍රෑම් රෝයල්ස් තරග වැදීමට නියමිතයි.

මේ අතර තරගාවලිය ආරම්භ වීමට එක් දිනක් පමණක් ඉතිරිව තිබියදී නොකාලි එක්ස්ප්‍රස් කණ්ඩායම අද (25) පළමු තරගයට පෙර සිය අවසන් පුහුණු සැසිය සඳහා එක්වුණා.

කෙසේ වෙතත් පුහුණුවීම් ආරම්භ කර කෙටි වෙලාවක් ඇතුළත නොකාලි එක්ස්ප්‍රස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු වන කලීඩ් මහමුද් පුහුණු වීම් අතහැර දමා ක්‍රීඩාංගනයෙන් පිටතට පැමිණ තිබෙනවා.

එලෙස හදිසියේම පුහුණුවීම් අතහැර දමා ඉවත්ව යාම පිළිබදව ක්‍රීඩාංගනයෙන් පිටත රැඳී සිටි මාධ්‍යවේදීන් ඔවුගෙන් ප්‍රශ්න කර ඇති අතර එහිදී ඔහු පවසා ඇත්තේ පුහුණුවීම් සඳහා අවශ්‍ය ක්‍රිකට් පන්දු සහ අනෙකුත් පහසුකම් නොමැති බවත් එවන් තත්ත්වයක් මත කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු තනතුරේ තව දුරටත් කටයුතු කළ නොහැකි බවයි.

“මේ තත්වයන් යටතේ මම BPL හි වැඩ කරන්නේ නැහැ. මම මීට පෙර කවදාවත් BPL හි මෙය දැක නැහැ,” යැයි මාධ්‍ය වෙත පවසමින් ඔහු අසළ තිබූ ත්‍රීරෝද රථයකට නැග කණ්ඩායමේ සහය පුහුණුකරු ජුබෙයාර් සමඟ ක්‍රීඩාංගනයෙන් පිටත්ව ගොස් තිබෙනවා,

කෙසේ වෙතත් මෙලෙස පුහුණුකරු පුහුණුවීම් අතහැර දමා ගිය පසුබිමක නොකාලි එක්ස්ප්‍රස් කණ්ඩායමේ ක්‍රීඩකයින් වන ශ්‍රී ලංකාවේ කුසල් මෙන්ඩිස්, ඇෆ්ගනිස්ථාන ක්‍රීඩක මොහොමඩ් නබී ඇතුළු කණ්ඩායමේ ක්‍රීඩකයින් අඛණ්ඩව ඔවුන්ගේ පුහුණුවීමවල නිරතව සිටි බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
2
+1
12
+1
4
+1
1
+1
5
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වෙනදට උදෙන්ම ලැබෙන කුණු මල්ල වෙනුවට ලැබුණු බඩු මල්ල
01:36
Video thumbnail
20ක් රෝහලට යැවූ බිහිසුණු අනතුර
00:54
Video thumbnail
පොලිසිය ළඟ ඉද්දීම චණ්ඩිකම් පෙන්නපු උපකාරක පංති ගුරුවරයා
01:23
Video thumbnail
"මන්ත්‍රී බ##ක්වත් අපිට වැඩක් නෑ.."කල්අඩියේ දැඩි උණුසුම් තත්ත්වයක්
06:10
Video thumbnail
ග්‍රෙගරි වැව යළිත් යථා තත්ත්වයට පත්වෙයි..දෙස් විදෙස් සංචාරකයින් විශාල පිරිසක් නුවරඑළියට ඇඳී ‍යයි
03:23
Video thumbnail
මීගමුව සංචාරක කර්මාන්තය ඉහළ තැනකට ගේනවා
07:15
Video thumbnail
ඖශධවල ප්‍රමිති තත්ත්ව පරීක්ෂණය ගැන විශේෂ සාකච්ඡාවක්
01:05
Video thumbnail
ගංජා තොගයක් සමඟ හතරක් පොලිසියෙන් කුදලන් යයි..ගංජාවල වටිනාකම රු.45,000කට අධිකයි
00:40
Video thumbnail
පපරේ සද්දෙට ඩාන්ස් කර කර සංචාරකයින් ලංකාවේ නත්තල් සමරපු හැටි.."Sri Lankan people are very nice"
07:18
Video thumbnail
වැලිකඩ බන්ධනාගාරයට විශාල සෙනඟක් ඇවිත්
00:59


?