සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිට විරෝධතාවයක් නිසා උණුසුම් තත්වයක්

ශ්‍රී ලංකා – ඉන්දියා සෞඛ්‍ය ගිවිසුම වහාම අත්හිටුවන ලෙස ඉල්ලා සිවිල් සංවිධාන කිහිපයක් විසින් සෞඛ්‍ය අමාත්‍යාංශ ඉදිරිපිට විරෝධතාවක නිරත වුණා.

සිවිල් සංවිධාන කිහිපයක නියෝජිතයන් පිරිසක් සෞඛ්‍ය අමාත්‍යාංශයට පැමිණ අමාත්‍යාංශ ලේකම්වරයාට ලියුමක් ලබාදීමට උත්සාහ දැරූ අතර සෞඛ්‍ය අමාත්‍යාංශයේ කිසිඳු නිලධාරියෙක් ඒ සඳහා මැදිහත් නොවීම නිසා ආරක්ෂක නිලධාරීන් සහ විරෝධතාකරුවන් අතර උණුසුම් තත්ත්වයක් ඇතිවුණා.

විරෝධාකරුවන් විසින් එම ස්ථානයේදී ඉන්දු – ශ්‍රී ලංකා සෞඛ්‍ය ගිවිසුම පුළුස්සා දැමූ අතර, විරෝධතාකරුවන් එම ස්ථානයේ විනාඩි 15 ක පමණ සත්‍යග්‍රහයකද නිරත වුණා.

කෙසේ වෙතත් සත්‍යග්‍රහයෙන් අනතුරුව සත්‍යග්‍රහයෙන් අනතුරුව අමාත්‍යංශ ලේකම්වරයාට භාරදීමට පැමිණි ලිපිය සෞඛ්‍ය අමාත්‍යාංශයේ ගේට්ටුව මත එල්ලා විරෝධතාව අවසන් කරනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?