නිවාඩුවට ගෙදර යන්න අද සවස විශේෂ දුම්රියක්

නත්තල් උත්සවය සමය සහ වසර අවසාන පාසල් නිවාඩුව හේතුවෙන් ගම් බිම් කරා යන ජනතාව වෙනුවෙන් විශේෂ දුම්රියක් අද (24) පස්වරු 03.00ට මරදානේ සිට මාතර දක්වා ගමන් අරඹන බව ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ අධිකාරි, ගමනාගමන අසංක සමරසිංහ පවසනවා.

එම දුම්රිය මරදාන දුම්රිය ස්ථානයෙන් ගමන් අරඹා කොළඹ කොටුව, කොම්පඤ්ඤ වීදිය, කොල්ලුපිටිය, බම්බලපිටිය, මොරටුව, පානදුර, කළුතර, අලුත්ගම, අම්බලන්ගොඩ, හික්කඩුව, ගාල්ල සහ මාතර යන දුම්රිය ස්ථානවල නවත්වන බවයි ඔවු වැඩිදුරටත් සඳහන් කළේ.

එමෙන්ම එම දුම්රියම එළඹෙන සඳුදා දින (29) නැවතත් මාතර සිට මරදාන දක්වා ගමන් ගන්නා අතර එදින උදෑසන 05.00ට දුම්රිය මාතර දුම්රිය ස්ථානයෙන් පිටාත් වීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?