අනුරාධපුර සිට යාපනයට ගිය සීඝ්‍රගාමීයේ ගැටුණු යතුරුපැදිකරුට දිවි අහිමි වෙයි

පලෙයි පොලිස් වසමේ ඉත්තැවිල් ප්‍රදේශයේ දුම්රිය හරස් මාර්ගය හරහා ගමන් ගත් යතුරුපැදියක්, ඊයේ (23) දින දහවල් කාලයේ අනුරාධපුර සිට යාපනය දක්වා ධාවනය වූ සීඝ්‍රගාමී දුම්රියේ ගැටී අනතුරක් සිදුව තිබෙනවා.

එම අනතුරින් යතුරුපැදිකරු එම ස්ථානයේදීම මියගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 52 ක් වූ යාපනය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මෘත ශරීරය කිලිනොච්චිය රෝහලේ මෘත ශරිරාගාරයේ තැන්පත් කර ඇති අතර පලෙයි පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?