ශ්‍රී පාද වන්දනාවේ යන අයට පොලිතීන් රැගෙන යාමට තහංචි රැසක්

සෑම වසරකම දෙසැම්බර් මාසයේ ආරම්භ වී මාස 06 ක කාලයක් පවතින ශ්‍රී පාද වන්දනා සමයේ දී ශ්‍රී පාදාස්ථානය වන්දනා කිරීම සඳහා පැමිණෙන වන්දනාකරුවන් සහ අනෙකුත් පුද්ගලයින් විසින් බැහැර කරනු ලබන දිරන සහ නොදිරන අපද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් ප්‍රදේශය තුළ එක්රැස් වීම් සිදුවන අතර ශ්‍රී පාද අඩවිය වන සත්ව හා වෘක්ෂලතා ආරක්ෂණ ආඥාපනත මඟින් ආවරණය වන අධි සංවේදී කලාපයක් ද වනවා.

එම ප්‍රදේශය තුළ කසල කළමනාකරණය කාලීන අවශ්‍යතාවයක්ව බවත්, ඒ අනුව, ශ්‍රී පාද වන්දනා සමය තුළ එකී ප්‍රදේශයේ පොලිතින් සහ ප්ලාස්ටික් භාවිතය අවම කිරීම උදෙසා 2025 වසරේ සිට පරිසර අමාත්‍යාංශය විසින් පහත සඳහන් පියවර අනුගමනය කරන ලබන බව පරිසර අමාත්‍යතවරයා විසින් අමාත්‍ය මණ්ඩලය දැනුවත් කර ඇති අතර ඒ සඳහා අමාත්‍ය මණ්ඩලයේ එකඟතාව ද හිමිවූ බව කැබිනට් තීරණ දැනුම්දීමේ මධ්ය් හමුවේදී අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසා සිටියා.

ඒ අනුව පොලිතින් අමුද්‍රව්‍යයක් ලෙස යොදා නිෂ්පාදිත ආහාර දවටන, අධි ඝනත්වයෙන් යුත් පොලිතීන් මඟින් නිෂ්පාදිත බහාලුම් (සිලිසිලි මලු), සැෂේ පැකට්, ප්‍රසාරිත සොලිස්ටයිරින්වලින් නිෂ්පාදිත තනි- භාවිත ආහාර බහාලුම්, තනි-භාවික බීම බට, කලතන, කනි -භාවිත පිඟන් කෝප්ප, හැඳි, ගෑරුප්පු සහ පිහි මෙම ප්‍රදේශය තුළ විකිණීම හෝ වන්දනාකරුවන් විසින් රැගෙන යාම සම්පූර්ණයෙන් තහනම් කර තිබෙනවා.

ලීටරයට අඩු තනි භාවිත ප්ලාස්ටික් ජල බෝතල් හා බිම බෝකල් රැගෙන යාම කර ඇති අතර පොලිතින් ආවරණ සහ ඇසුරුම් සහිත ආහාර පාන, ඖෂධ සහෝ අනෙකුත් බඩු භාණ්ඩ කිසිවක් පාරිසරික අධිසංවේදී කලාපය තුළ බැහැර කිරීම තහනම් කර කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇති බව අමාත්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කළා.

එමෙන්ම පාරිසරික අධිසංවේදී කලාපය තුළ ඇති ව්‍යාපාරික ස්ථාන විසින් අලෙවි කරන ප්ලාස්ටික් ආවරණ සහිත ආහාර පාන හෝ වෙනත් වෙළෙඳ භාණ්ඩ අලෙවියෙන් පසු ජනනය වන අපද්‍රව්‍ය කළමනාකරණය කිරීමේ වගකීම අදාළ වෙළෙඳසල් හිමියන් වෙත පැවරී තිබෙන අතර ජල උල්පත්, ජල මාර්ග අපවිත්‍ර කිරීම සහ එම ස්ථාන වලට පොලිතීන් හා ප්ලාස්ටිස් අපද්‍රව්‍ය බැහැර කිරීම තහනම් කර තිබෙනවා.

තව ද අලෙවිසල් ඉදිකිරීමේදී සහ පවත්වාගෙන යාමේදී ඒකරාශි වන පොලිතීන් සහ ප්ලාස්ටික් අපද්‍රව්‍ය නිසි ලෙස එකතු කර ශ්‍රී පාද අධි සංවේදී කලාපයෙන් බැහැරට ගෙනවිත් අදාළ නගර සභා හෝ ප්‍රාදේශීය සභා හරහා අවසන් බැහැර කිරීමේ වගකීම ඒ ඒ අලෙවිසල් හිමියන් වෙත පැවරී ඇති බවයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?