උත්සව සමයේ වෙනුවෙන් ගාලු මුවදොරට මහජන සහාය සේවා මධ්‍යස්ථානයක්

පවතින උත්සව සමය නිමිත්තෙන් ගාලු මුවදොර පරිශ්‍රයට පැමිණෙන දහස් සංඛ්‍යාත ජනතාවගේ පහසුව සහ ආරක්‍ෂාව තහවුරු කිරීම සඳහා, ආරක්‍ෂක ලේකම්වරයාගේ උපදෙස් මත ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට ගාලු මුවදොර පරිශ්‍රයේ විශේෂ “මහජන සහාය සේවා මධ්‍යස්ථානයක්” හෙට (21) දිනයේ සිට ස්ථාපිත කෙරෙන බව ජනාධිපති මාධ්‍ය අංශය විසින් නිවේදනය කර තිබෙනවා.

ත්‍රිවිධ හමුදාවේ සහ ශ්‍රී ලංකා පොලීසියේ ඒකාබද්ධ දායකත්වයෙන් ක්‍රියාත්මක වන මෙම මධ්‍යස්ථානය හරහා මහජනතාවට අවශ්‍ය සහය කඩිනමින් ලබාදීම සඳහා පූර්ණ ආරක්‍ෂිත වැඩපිළිවෙළක් ක්‍රියාවට නංවනු ඇති බවයි වාර්තා වන්නේ.

මෙම මහජන සහාය සේවා මධ්‍යස්ථානය මහජනතාවට අවශ්‍ය මඟපෙන්වීම් ලබාදෙන ප්‍රධාන මධ්‍යස්ථානය ලෙස ක්‍රියාත්මක වන අතර, හදිසි අවස්ථාවකදී හෝ අනපේක්‍ෂිත සිදුවීමකදී කඩිනම් සහාය ලබාදීමටත්, සම්බන්ධීකරණ කටයුතු සිදුකිරීමටත් ස්ථාපිත කර තිබෙනවා.

ගාලු මුවදොර ප්‍රදේශයේ මහජන ආරක්‍ෂාව තහවුරු කිරීම, පවතින තත්ත්වයන් පිළිබඳ විමසිලිමත් වීම සහ ඕනෑම හදිසි අවස්ථාවකට කඩිනමින් ප්‍රතිචාර දැක්වීම මෙහි මූලික අරමුණ බවයි පැවසෙන්නේ.

ආරක්‍ෂක සහ සම්බන්ධීකරණ කටයුතුවලට අමතරව, හදිසි වෛද්‍ය අවශ්‍යතා සහ ප්‍රථමාධාර සැපයීම සඳහා ගිලන් රථ සේවාවන් සහ වෛද්‍ය සහාය ද එම පරිශ්‍රයේ සලසා තිබෙනවා.

මහජනතාවගේ පහසුව සඳහා හදිසි සම්බන්ධීකරණ, ගිලන් රථ සේවා සහ පොලිස් සහාය ලබාගැනීමට 071 859 5880 යන දුරකථන අංකය භාවිත කළ හැකි බව ජනාධිපති මාධ්‍ය අංශය විසින් නිකුත් කළ වාර්තාවේ සඳහන්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඓතිහාසික උරුමයේ පාදම රැකගෙන යාමට සමත් යෞවනයන් රට තුළ සිටිනවා
06:12
Video thumbnail
දේශපාලන වේදිකාවක පෙරහර නතර කිරීම ගැන සාකච්ඡා කරන්න බෑ - ජනපති අනුරගෙන් සැර කතාවක්
02:57
Video thumbnail
ජනපති අනුර දළදා පෙරහර ගැන හෙළිකළ දේ - රාජ්‍යත්වයත්, දළදා වහන්සේ අතර අත්හරින්න බැරි ඉතිහාසයක් තියෙනවා
05:50
Video thumbnail
දළදා පෙරහර සාර්ථකව අවසන් කළ බව සැල කෙරෙන සංදේශය ජනපතිට ලබාදෙයි
11:23
Video thumbnail
අයිස් චෝදනාවකට අත්අඩංගුවට ගත් නවුෆර් තැනැත්තාගේ මිලියන 56ක වත්කම් අක්‍රීය කරයි
01:28
Video thumbnail
නාමල් ගහන මඩ ප්‍රචාරයකට පොහොට්ටුවෙන් දැඩි චෝදනා ?මේ ජවිපෙන් හදපු බොරු මඩ ප්‍රචාර
12:36
Video thumbnail
වමට Signal දාලා ආණ්ඩුව දකුණට හරවගෙන යන්නේ - තාම ප්‍රමාද නෑ මැද මාවතට එන්න
01:40
Video thumbnail
මයික් එකට පිටුපා ගිය මුරුත්තෙට්ටුවේ හිමියෝ - නෑ නෑ මම කිසිම පක්ෂයක් ගැන කතා කරන්නේ නෑ
00:30
Video thumbnail
මයික් දැක්ක ගමන් යකා නැග්ග අධිකරණ ඇමති - "මේ තියෙන මයික් මට දිරවන්නේ නැ"
02:47
Video thumbnail
22 ගැන කට ඇරපු ගම්මන්පිල - 22 ගැන ආණ්ඩුවේ වැඩේ කරලා ඉවරයි..අපේ වගකීම අපිත් කළා
01:15