ආනවිළුන්දාව රැම්සා අභය භූමිය සංචාරක පක්ෂීන්ට අහිමි වීමේ අවදානයක්

සොංගල් ඔයෙන් පෝෂණය වන වැව් 05 ක් පිහිටි ආනවිළුන්දාව රැම්සා අභය භූමිය යනු දේශීය මෙන්ම විවිධ රටවල්වලින් පැමිණෙන සංචාරක පක්ෂීන් තම ප්‍රජනන කටයුතු සිදු කිරීමටත්, ඉන් අනතුරුව බිහිවන පැටවුන් සිය රටවල් කරා කැඳවා ගෙන යන තුරු රැක බලා ගනිමින් රැදී සිටින පරිසර පද්ධතියක්.

එමෙන්ම මෙම භූමියේ පිහිටි වැව් පද්ධතියේ රැස් වන ජලය මඟින් ප්‍රදේශයේ ගොවීන් රැසක් ද සිය කුඹුරු වගාව සිදු කරගනු ලබනවා.

කෙසේ වෙතත් පැවති අධික වර්ෂාවත් සමඟ එම භූමියේ පිහිටි මයියාව වැව් බැම්ම පුපුරා යාම නිසා එම වැව මේ වන විට සම්පූර්ණයෙන්ම සිදී ගොස් ඇති බව වාර්තා වනවා.

එමෙන්ම ඊට යාබදව පිහිටා ඇති සුරුවිල වැවෙහි බැම්ම ද ස්ථාන 08 කින් පමණ බිදී ගොස් ඇති බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ.

එම නිසා එම සුරුවිල වැවෙහි ජලය ද ආපසු මයියාව වැවට ගලා ගෙන යමින් පවතින බවත් එය පාලනය කිරීම සදහා ගොවීන් තාවකාලික පිළියම් යොදමින් පවතින බවද අප වාර්තාකරු සඳහන් කළා.

ඒ අනුව ප්‍රදේශවාසීන් පවසනුයේ පුපුරා ගොස් ඇති මෙම වැව් බැමි කඩිනමින් සකස් නොකළහොත් ප්‍රජනන කටයුතු සදහා මෙරටට පැමිනෙන සංචාරක පක්ෂීන්ට මෙන්ම එම ප්‍රදේශයේ වගා කටයුතු සිදු කරන ගොවීන්ට ද ඉදිරියේදී ගැටළු රැසකට මුහුණ දීමට සිදුවනව බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
1
+1
1
+1
1
+1
10
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජාත්‍යන්තර සාම පා ගමන සමාප්ති රාජ්‍ය උත්සවය
00:00
Video thumbnail
පාස්කු ඉරිදා පරීක්ෂණවලට වර්තමාන හමුදාපතිගේ සහය නැද්ද ?කිසි කෙනෙක්ට ඒකෙන් ගැලවෙන්න බෑ
02:46
Video thumbnail
ෂම්මි සිල්වා ඉල්ලා අස්වෙයි ද..?
01:34
Video thumbnail
සජබ මැයි රැළියට එක්සත් ජාතික පක්ෂය සහභාගි වෙන්නේ නෑ..තලතා - රංජිත්ට දැනුම්දෙයි
05:32
Video thumbnail
අගමැතිතුමිය කතරගම වැඳ පුදාගන්න යයි
05:32
Video thumbnail
"ම#න්න තරම් මගේ අයියා කරපු වරද මොකක්ද ?"එළොව ගිය බන්ධනාගාර රැඳවියාගේ ඥාතීන් ඇවිත් සියල්ල හෙළිකරයි
06:35
Video thumbnail
අනුරව හොයාගෙන අපි එනවා - තිස්සකුට්ටි අනතුරු අඟවයි
05:02
Video thumbnail
පුන්නක්කු කන පිරිස පැලවත්තෙන් නඩත්තු කරනවා
11:53
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.04.28
01:05:43
Video thumbnail
සුගීශ්වරට ගොමෙන් ගැහුවේ පැලවත්තේ කට්ටිය ද..?
03:21