පැවති අයහපත් කාලගුණ තත්ත්වයෙන් පීඩාවට පත් ශ්‍රී ලාංකික ජනතාව වෙනුවෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යය ලබා දුන් කඩිනම් මානුෂීය ආධාර වෙනුවෙන් සිට කෘතඥතාව පළ කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා.
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජනාධිපති ෂෙයික් මොහොමඩ් බින් සයීඩ් අල් නහියන් සමඟ ඊයේ (19) පැවැත්වූ දුරකථන සංවාදයක දී ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කර තිබෙනවා.
ආපදා තත්ත්වයෙන් සිදු වූ ජීවිත හානි සම්බන්ධයෙන්, එමීර් රාජ්‍යයේ ජනාධිපතිවරයා සිය බලවත් ශෝකය මෙහිදී ප්‍රකාශ කර තිබෙනවා.
එමෙන්ම ව්‍යසනයෙන් එල්ල වන අභියෝගවලට මුහුණදීමට ඔහු මෙහිදී ශ්‍රී ලංකාවට ධෛර්යය ප්‍රාර්ථනා කර ඇති බව සඳහන්.
දෙරට අතර දිගුකාලීන මිත්‍රත්වයට අනුකූලව අමතර සහාය ලබාදීමේ ක්‍රම ගවේෂණය කිරීම සඳහා හානියේ ප්‍රමාණය තක්සේරු කිරීමට සහ ලබාදිය හැකි ආධාරවල ස්වභාවය තීරණය කිරීමට එක්සත් අරාබි එමීර් රාජ්‍යය කණ්ඩායමක් ශ්‍රී ලංකාවට එවන බව ද එක්සත් අරාබි එමීර් රාජ්‍ය ජනාධිපතිවරයා මෙහිදී දැනුම් දී ඇති බව සඳහන්.
එමන්ම ශ්‍රී ලංකාව සමඟ රැඳී සිටීමට තම රට කැපවී සිටින බව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජනාධිපතිවරයා මෙහිදී නැවත තහවුරු කර තිබෙනවා.




