මහවැලි අධිකාරියේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් කීර්තිට ඇප නියම වෙයි

රාජ්‍ය දේපළ සාපරාධි සාවද්‍ය පරිහරණය කිරීම සම්බන්ධයෙන් හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂට එරෙහිව පවතින විමර්ශනවලට අදාලව අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් කීර්ති බී කොටගම ඇප මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම අද (19) නියෝග කළා.

සැකකරු ලක්ෂ දහය බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියෝග කළ ප්‍රධාන මහේස්ත්‍රාත් සැකකරුගේ විදෙස් ගමන් තහනම් කිරීමටද නියෝග කළා.

සිද්ධියට අදාල විමර්ශන කටයුතු අවසන් නොමැති බැවින් සහ සිද්ධියට අදලව හිටපු අමාත්‍ය රොෂාන් රණසිංහගෙන් ප්‍රකාශ ලබා ගැනීමට තිබෙන බැවින් සැකකරු තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස අල්ලස් කොමිසම අධිකරණයෙන් ඉල්ලා සිටියා.

හිටපු අමාත්‍ය රොෂාන් රණසිංහ මේ වන විට විදේශගතව ඇති බවත් ලබන 26 ලංකාවට පැමිණීමෙන් පසු ප්‍රකාශයක් ලබාදීමට සූදානම් බවද අල්ලස් කොමිසම අධිකරණයට දැනුම් දුන්නා.

සිද්ධියට අදාල සැකකරු අද දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?