ප්‍රමිතියෙන් තොර කාබනික පොහොර නැවක් ඉකුත් රජය සමයේ මෙරටට ආනයනය කිරීමේ සිද්ධියකට අදාළව හිටපු කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේට එරෙහිව අල්ලස් කොමිසම ගොනු කර තිබෙන නඩුව මාර්තු 20 යළි කැඳවිමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම අද (19) දින නියම කළා.
අල්ලස් කොමිසම සහ සැකකාර අමාත්‍යවරයා වෙනුවෙන් පෙනීසිටි නීතිඥවරු කළ කරුණු දැක්වීම සලකා බැලීමෙන් අවසානය මෙලෙස නියෝග කෙරිණා.
සිද්ධියට අදාල පළමු වන සැකකරු වන
අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මිළග නඩු දිනයේදී අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මහේස්ත්‍රාත්වරයා බන්ධනාගාර නිලධාරීන්ට නියෝග කළා.
සිද්ධියට අදාල දෙවන සැකකරු වන මහේෂ් ලසන්ත ගම්මන්පිල අද අධිකරණයේ පෙනි සිටියා.
ප්‍රමිතියෙන් තොර චීන කාබනික පොහොර නැවක් ආනයනයට නීත්‍යානුකූල අනුමැතිය ලැබීමට පෙර ණයවර ලිපි විවෘත කිරීමෙන් රජයට රුපියල් කෝටි 130කට අධික පාඩුවක් සිදු කලේ යැයි කියන සිද්ධියට අදාලව මෙම සැකකරුවන්ට චෝදනා ගොනු කර තිබේ.




